Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
05
එක්සත් රාජධානිය කළඹමින්, අගමැතිගේ ළාබාල ගැබිණි පෙම්වතියටත් COVID 19 වැළඳෙයි - රෝග ලක්ෂණ සහිතව දින 7ක් ඇඳේ ඉඳලා - Photos

- එක්සත් රාජධානිය කළඹමින්, අගමැතිගේ ළාබාල ගැබිණි පෙම්වතියටත් COVID 19 වැළඳෙයි - රෝග ලක්ෂණ සහිතව දින 7ක් ඇඳේ ඉඳලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මට සුවයක් දැණුනත්, සුළු රෝග ලක්ෂණ කිහිපයක් තියනවා..
"මගේ ශරීර උෂ්ණත්වය තාමත් එහෙම්මමයි..."
රෝග ලක්ෂණ පවතින තුරු හුදකලාව සිටීමට තීරණය කළා...
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ළාබාල ගැබිනි පෙම්වතිය වූ 31 හැවිරිදි කැරී සිමන්ඩ්ස්-ටත්, මාරාන්තික කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, ඇය රෝග ලක්ෂණ සහිතව දින හතක් ඇඳේ සිට ඇති බවයි.

ඇගේ පෙම්වතා වූ බොරින් ජොන්සන් කොරෝනා නිසා හුදකලා වීමෙන් පසුව ඇයට ද එහි ගොදුරක් වන්නට සිදුවූ බව ඇය සඳහන් කර තිබෙනවා.
 
කැරී සිමන්ඩ්ස් සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කර ඇති අතර, දින හතක විවේකයෙන් පසු, ශක්තිමත් බවක් දැනෙන බව ඇය පවසනවා.
 
එක්සත් රාජධානියේ 41, 903ක පිරිසක් මේ වන විට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 4,313ක්.
 
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය නාඩින් ඩොරිස්, කැරී සිමන්ඩ්ස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් යොමු කර තිබූ අතර එහි සඳහන් වන්නේ, කැරී සමඟ තමන් කතා කළ බවත්, ඇය දැන් සුවය ලබමින් දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවයි.
 
බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පරීක්ෂණයකින් පසුව නිරෝධායනයෙන් ඉවත්වීමට නියමිතව තිබුණත්, මෑතකදී වීඩියෝවක් මඟින් ඔහු සනාථ කළේ තමාට ඉහළ උෂ්ණත්වයක් පවතින බවත්, ඒ හේතුවෙන් හුදකලාව සිටීමට තීරණය කරන බවයි.
 
"මට සුවයක් දැණුනත්, දින හතක් හුදකලාව රැඳුණත් සුළු රෝග ලක්ෂණ කිහිපයක් තියනවා මට. මගේ ශරීර උෂ්ණත්වය තාමත් එහෙම්මමයි... ඒ නිසා රජයේ උපදෙස් පරිදි රෝග ලක්ෂණ පවතින තුරු හුදකලාව සිටීමට මම තීරණය කළා..."
 
55 හැවිරිදි අගමැති ජොන්සන් විවාහ දෙකකින් දික්කසාද වූ අයෙකු වන අතර පෙර විවාහ වලින් දරුවන් පස්දෙනෙකුගේ පියෙක්.
 
මුල් කාලයේ ජනමාධවේදියෙකු ලෙස කටයුතු කළ නිසාදෝ ඔහු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ පෙම්වතියන් හයක් පමණ කලින් කල විවාහ අපේක්ෂාවෙන් ඇසුරු කර තිබෙනවා.
 
කොරෝනා වැළඳුණ බවට දැන් ආරංචි වී තිබෙන කැරී සිමොන්ඩ්ස් ද ජනමාධ්‍ය පවුලකින් පැවත එන අතර ඇය එංගලන්තයේ ප්‍රකට 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත හිමිකරුගේ මිණිපිරියක්.
 
බ්‍රිතාන්‍ය අගමැති ධූරය දක්වා ආ ගමනට ජොන්සන් මුල් පියවර තැබුවේ 2012 නගරාධිපති ධූරයට පත්වෙමිනුයි.
 
එම ඡන්ද සටනේදී ඔහුට වඩාත් උදව් කළේ කැරී සිමොන්ඩ්ස් වන අතර ඇය 2009 සිට බ්‍රිතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂයේ ක්‍රියාකාරිනියකද වුණා.
 
එම මිතුදම මත ඔවුන් සමීපව ඇසුරු කර 2018දී විවාහ ගිවසගැනීමක්ද සිදු කළ මුත් විවාහයට පිවිසුනේ නැහැ.
 
අගමැති ධූරය සඳහා ජොන්සන් පත්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයටද ඇයගෙන් නොමද උපකාර ලැබුණා.
 
පසුගිය දිනවල වාර්තාවී තිබුනේ කැරී සිමොන්ඩ්ස් ගැබිණීයක වී ඇති බවය. මේ අතරවාරයේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම බ්‍රිතාන්‍ය වාසීන්ට කම්පනය ඇති කරන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
 
Dailymail ඇසුරිනි.

Carrie Symons has announced she has coronavirus after fiancee Boris Johnson went into isolation with the deadly pathogenMs Symonds posted on Twitter earlier today and said: 'I’ve spent the past week in bed with the main symptoms of Coronavirus. I haven’t needed to be tested and, after seven days of rest, I feel stronger and I’m on the mend'
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top