කොරෝනා ආසාදනය නිව්මෝනියා තත්ත්වයට වර්ධනය වීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
මොහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර, පසුගිය දා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණා.
පසුගිය 26 වන දා ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අද මිය ගිය එම පුද්ගලයාට වෙනත් කිසිදු රෝගයක් තිබී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
එමෙන්ම, මෙරටදී සොයා ගත් කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 159 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර, සුවය ලබා දෙදෙනෙකු ඊයේ දිනයේදී රෝහලෙන් පිටව ගියා.
129 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්.
මේ අතර, ඊයේ අලූතෙන් හමුවූ ආසාදිතයන් පිළිබදව තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව යාපනය - තල්සෙවන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් පසුගිය දා යාපනයේදී ස්විට්සර්ලන්ත දේවගැතිවරයෙකු පැවැත්වූ මෙහෙයකට සහභාගි වූ අය බව සඳහන්.
පුත්තලම, දෙහිවල, පන්නිපිටිය, මතුගම සහ බේරුවලින් ද නව ආසාදිතයන් එක් අයෙකු බැගින් හමුවී තිබෙනවා.
බේරුවලින් හමුවී ඇත්තේ කාන්තාවක් වන අතර ඇය ඊයේ දිනයේදී දරුවෙකු ද ප්‍රසූත කර තිබුණා.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම කාන්තාව මීට පෙර කිසිදු කොරෝනා ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබූ බවයි.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවලින් 34 දෙනෙකු, ගම්පහින් 11 දෙනෙකු, මහනුවරින් 4 දෙනෙකු, රත්නපුරෙන් 3 දෙනෙකු, යාපනයෙන් 4 දෙනෙකු වාර්තා වනවා.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 73 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.