කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක "රට වෙනුවෙන් හිරු" සහන යාත්‍රා ක්‍රියාන්විතය ඊයේ (03) දිනයේත් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා.
‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ගම්පහ, කොළඹ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වනවා.
පන්සලේ, පල්ලියේ, කෝවිලේ වැඩසිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන් සඳහා මෙන්ම, සරණක් අවැසිම වූ ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන් සහ වැඩිහිටි නිවාස-වල සිටින වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් රැදී සිටින ස්ථානයට ම ලබාදීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.
ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කර ගනිමින් පසුගිය 27 වනදා ආරම්භ කෙරුන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය, අඛණ්ඩව සෑම දිනකම රට වටා ක්‍රියාත්මක කරමින් සිටිනවා.
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සදහා හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ වැඩසටහනද ඊයේ දිනයේ වැඩිහිටි නිවාස කිහිපයකදී සිදුවුනා.
ඒ අනුව බත්තරමුල්ල - ලුයිස් පෙරේරා වැඩිහිටි නිවාසය, හැව්ලොක්ටවුන් - මෙතෝදිස්ත වැඩිහිටි නිවාසය හා ගංගාරාම - ගාමිණී මාතා වැඩිහිටි නිවාසය මෙලෙස විෂබීජහරණයට ලක්කෙරුණා.
මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකිරීම විශේෂත්වයක්.
077- 3035930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයාගත හැකියි.
එමෙන්ම හිරු සහන යාත්‍රා කියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කළල පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන පැවැත්වුණා.
ඒ අනුව හෝමාගම, පාදුක්ක, හංවැල්ල, නවගමුව, අතුරුගිරිය, තලංගම, මුල්ලේරියාව හා වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානයන් මෙලෙස විෂබීජහරණය කෙරුණා.
මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් පියවරක් ලෙස හිරු මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ එක්ව කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීම සදහා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් සහ උපකරණ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා.
එහි පළමු පියවර ලෙසින් ආරක්ෂිත ඇදුම් සහ උපකරණ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණා. VIDEO