Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
04
සමීප වෙන්න ආස වුණත් මොනා කියලා කරන්නද - බ්‍රිතාන්‍ය අගමැතිත් ගැබිනි බිරියගෙන් වෙන්කර තැබූ, හිත්පිත් නැති COVID 19 කරපු විනාශයක් - Photos

- සමීප වෙන්න ආස වුණත් මොනා කියලා කරන්නද - බ්‍රිතාන්‍ය අගමැතිත් ගැබිනි බිරියගෙන් වෙන්කර තැබූ, හිත්පිත් නැති COVID 19 කරපු විනාශයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
මේ අවුල ඔවුන් දෙදෙනාටම දැනෙනවා..
ඒ නීතිය ඉතින් ඔවුන්ටත් බලපානවා..
මිලියන ගණනකගේ ජීවිත වෛරසය වනසනවා..
 
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ ඔහුගේ පවුල් කටයුතු තුළද ගැටලු කිහිපයක් පැන නැඟී ඇති බැව් වාර්තා වෙයි.
 
එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඔහුගේ සහකාරිය වන කෙරී සිමන්ඩ්ස් මේ වනවිට ගැබිනියකව සිටීමයි. මෙම තත්ත්වය තුළ සිමන්ඩ්ස් සහ දරුවා වයිරසයෙන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර අගමැතිවරයා මෙන්ම ඔහුගේ බිරියද මේ නිසා විශාල පීඩනයකට ලක්ව සිටින බව පෙනේ.

බොරිස් සහ කෙරී සාමාන්‍යයෙන් වාසය කරන්නේ ලන්ඩනයේ ඩවුනින් වීදියේ අංක 10 දරන තැන පිහිටි සුප්‍රකට නිල නිවසේය. නමුත් අගමැතිවරයා ආසාදනයට ලක් වීමෙන් පසු එම නිල නිවසේ කාලය ගත කිරීම අනතුරුදායක නිසා, හය මස් ගැබිනියක වන කෙරී සිමන්ඩ්ස් දකුණු ලන්ඩනයේ පිහිටි වෙනත් නිවසක වාසයට ගොස් ඇති බව සඳහන් වෙයි.
 
එහි ඇයද ස්වයං හුදෙකලාවකට ලක්ව කාලය ගත කරයි. මෙවැනි අවස්ථාවක තමුන් දෙදෙනාට එකිනෙකාට සමීපව ජීවත් වන්නට නොහැකි වීම ඔවුන් තුළ කනස්සල්ලක් ඇති කර තිබෙන බැව් ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.
 
‘තවත් මිලියන ගණනකගේ ජීවිත වගේම තමුන් දෙදෙනාගේ ජීවිතත් කොරෝනා වයිරසය විසින් අවුල් කර දමා ඇති බව බොරිස් සහ කෙරී දෙදෙනාටම දැනෙනවා. මේ වෙලාවේ එකිනෙකාට සමීපව සිටීමට ඔවුන් කෙතරම් ආසා කළත් ස්වයං හුදෙකලාව පිළිබඳ නීති අනෙක් හැමෝටම වගේම ඔවුන්ටත් බලපානවා’ යැයි ඔවුන්ගේ සමීපතමයකු මාධ්‍ය සමඟ සඳහන් කර තිබිණි.
 
කෙරී ගැබ්ගෙන සිටින බව පළමුවරට ප්‍රකාශ කෙරුණේ පසුගිය පෙබරවාරි මාසයේයි. 32 හැවිරිදි ඇය සහ 55 හැවිරිදි බොරිස් ජොන්සන් විවාහ ගිවිසගෙන සිටින බව නිවේදනය කෙරුණේද එම අවස්ථාවේමය. කාලයක් තිස්සේ අඹු-සැමියන් ලෙස එකට ජීවත් වුවත් ඔවුන් දෙදෙනා විවාහ වී සිටියේ නැත.
 
බොරිස් ජොන්සන් අගමැති ධුරයට පත්වන අවස්ථාවේද ඔවුන් සිටියේ අවිවාහකවයි. විවාහ නොවී අගමැති නිල නිවසේ වාසය කළ පළමු යුවළ ලෙසද ඔවුන් ඉතිහාසගත වී තිබිණි. නමුත් පසුගිය පෙබරවාරි 29 වැනිදා ඔවුන් නිවේදනය කළේ දැන් තමුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටින බවයි. කෙරී ගැබිනියකව සිටින බව ප්‍රකාශ කෙරුණේද එම අවස්ථාවේය.
 
මේ වනවිට සියලු දෙනාගෙන් හුදෙකලාව සිටින අගමැතිවරයා වාසය කරන්නේ ඩවුනින් වීදියේ අංක 10 දරන ගොඩනැඟිල්ලේ අගමැති කාර්යාලයට ඉහළින් වෙනත් මහලක පිහිටි නිවාසයක බව සඳහන් වේ.
 
ඔහුගේ ආහාර පාන පවා ඔහු සමීපයට ගෙනැවිත් නොදෙන බවත්, සේවකයකු ඒවා ‍ෙදාර ළඟින් තබා යන බවත්, පසුව අගමැතිවරයා පැමිණ ඒවා ඇතුළට ගන්නා බවත් මාධ්‍ය සඳහන් කර තිබිණි.
 
ඔහුට අවශ්‍ය අනෙකුත් ලියකියවිලි සම්බන්ධයෙන් පවා ක්‍රියාත්මක වන්නේ එවැනි වැඩපිළිවෙළකි. කෙසේ වෙතත් වීඩියෝ සම්මන්ත්‍රණ තාක්‍ෂණය සහ දුරකථන මාර්ග හරහා ජොන්සන් දිගටම ඔහුගේ නිල කටයුතුවල යෙදෙමින් නව කොරෝනා වසංගතයට එරෙහි සටනට දේශපාලන නායකත්වය ලබා දෙමින් සිටියි.
 
කැබිනට් රැස්වීම් ඇතුළු සියල්ල සිදුවන්නේ මේ ආකාරයෙනි. බි්‍රතාන්‍ය අගමැතිවරයා සහ මහ රැජන අතර සෑම සතියකම බදාදා දිනයේ හමුවක් පැවැත්වෙයි.
 
මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ අගමැතිවරයා මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගය වෙත යෑමෙනි. නමුත් දැන් සති දෙකක සිට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ද දුරකථන මාර්ගයෙනි. මහ රැජනද මේ වනවිට බකිංහැම් මාලිගයෙන් නික්ම ගොස් සිටින අතර ඇය දැන් ටික දිනක සිට වාසය කරන්නේ එයට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි වින්ඩ්සර් මාලිගයේ යි.
 
බොරිස් ජොන්සන්ට වයිරසය ආසාදනය වී ඇති බැව් වෛද්‍ය පරීක්‍ෂණ මඟින් තහවුරු වූයේ පසුගිය 26 වැනිදාය.
 
නමුත් ඊට පෙරදා සිටම ඔහුගෙන් රෝග ලක්‍ෂණ පළ වූ බව සඳහන් වේ. බොහෝ දෙනා අවධානය යොමු කළ කාරණයක්ව තිබුණේ වයිරසය අගමැතිවරයා තුළ තිබිය දී ඔහු සහ ගැබ්බර බිරිය අතර සමීප හැසිරීමක් සිදුවීද යන්නයි. ඇයද ස්වයං හුදෙකලාවකට ලක්වීමට පියවර ගත්තේ එම පසුබිම තුළ ය.
 
ඔවුන් දෙදෙනාටම තව ටික දිනක් මේ ආකාරයෙන් හුදෙකලාව කාලය ගත කිරීමට සිදුවනු ඇත. නමුත් එම ස්වයං හුදෙකලා කාලයෙන් පසුව පවා කෙරී සිමන්ඩ්ස්ට නැවත අගමැති නිවස වෙත පැමිණීමට හැකි වේවිද, නැතහොත් දිගටම ඇයට සිය සැමියාගෙන් අෑත්ව සිටින්නට සිදු වේවි ද යන්න ගැනද අවධානය යොමුව තිබේ.
 
අගමැති නිල නිවස නිතර විවිධ පුද්ගලයන් යන එන තැනකි. ඒ නිසා එය සැලකෙන්නේ නැවත නැවතත් නව කොරෝනා වයිරසයේ ඉලක්කයක් බවට පත් විය හැකි ස්ථානයක් ලෙසිනි.
 
පසුගිය කාලයේ ආසාදිතයන් බවට පත් වූ ඇමැතිවරුන්, ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුම නිතර එහි ආ ගිය පුද්ගලයන්ය. මෙම තත්ත්වය තුළ කෙරී සිමන්ඩ්ස් ඩවුනින් වීදියේ නිවසෙහි කාලය ගත කිරීම අනතුරුදායක වනු ඇති බවටද අදහස් පළවෙමින් තිබේ.
 
සනත් වික්‍රමගේ
මව්බිම

Boris Johnson: British Prime Minister positive for coronavirus ...The “mild” symptoms of Boris Johnson's coronavirus that prompted ...How world leaders are living through Covid-19 | TRT World
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top