හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල පස්වරු 2 න් පමණ පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කළා.