ඉන්දියාවෙ තරුණ ඉංජිනෙරුවන් පිරිසක් එක්ව ලාබදායි වෙන්ටිලේටර් උපකරණ නිශ්පාදනය කිරීමට යොමු වී තිබෙනවා.
මෙම කණ්ඩායම මීට පෙරද රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.
ලොව දෙවන වැඩිම ජනගහණය සහිත ඉන්දියාව සතුව ඇත්තේ වෙන්ටිලේටර් 48 000ක් පමණ වන බව සඳහන්.
දැනට ඉන්දිය සමාගම් දෙකක් විසින් වෙන්ටිලේටර් නිපදවන අතර මේවායේ මිල ඉන්දියානු රුපියල් 150000 පමණ වනවා.
අදාල් ඉංජිනේරු කණ්ඩායම සැලසුම් කර ඇති ආකාරයට එම උපකරණ ඉන්. රුපියල් 50 000 පමණ මුදලකට නිපදවීමට හැකි බව පැවසෙනවා.
එළඹෙන අප්‍රේල් 7 වන විට අදාල අවසරයන් සහිතව රෝගීන්ගේ පරිහරණයට මෙම යන්ත්‍ර නිකුත් කිරීමට මේ තරුණ ඉංජිනේරුවන් කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටිනවා.