Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
03
කොරෝනා ඇමරිකාවම හොල්ලයි - පැය 24ට මරණ 1169ක් - බ්‍රිතාන්‍යයේ වෛරස් මරණ සංඛ්‍යාව ගැන බිහිසුණු අනාවැකියක්

- කොරෝනා ඇමරිකාවම හොල්ලයි - පැය 24ට මරණ 1169ක් - බ්‍රිතාන්‍යයේ වෛරස් මරණ සංඛ්‍යාව ගැන බිහිසුණු අනාවැකියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
කොවිඩ් 19 වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන පරීක්ෂාවෙන් ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු එම දෙවන පරීක්ෂණයට ලක්වී ඇත්තේ ඊයේ දිනයේදී ඒ සඳහා යොදාගෙන ඇත්තේ විනාඩි 15කින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි නව පරීක්ෂණ කට්ටලයක්.

73 හැවිරිදි ඇමරිකානු ජනපතිවරයා පසුගිය මාසයේ මැදභාගයේදී ද මෙලෙස කොරෝනා වෛරස් පරීක්ෂාවකට ලක්වුණා.

ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, දෙලක්ෂ 45,000ක් දැන් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තාගත ලෙස 1169 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ලොව  ඕනෑම රටකින් එක්දිනකදී වාර්තා වූ වැඩිම කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාවයි.

මේ අතර, චීනය කොරෝනා වෛරසයේ සිය හානිය පිළිබඳ සැබෑ දත්ත සඟවන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරනවා.

ජගත් සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපතිනි ඉන්දියානු සම්භවයක් සහිත නිකී හේලී කියා සිටියේ චීනය කොරෝනා වෛරසයේ මරණ සහ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ දැන් ඉදිරිපත් කරන ලේඛන කිසිලෙසකින් නිවැරදි විය නොහැකි බවයි.

චීන බලධාරීන් ඉදිරිපත් කරන දත්ත පිළිබඳ විශ්වාසයක් නොතබන ලෙස සී.අයි.ඒ. සංවිධානය ධවල මන්දිරයට උපදෙස් දී ඇති බවයි ඇය සඳහන් කළේ.

චීනය කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දත්ත පිළිබඳව ජනපති ට්‍රම්ප් ද සිය මාධ්‍ය හමුවේදී සැක පළ කළා.

බිලියන 1.5ක් ජනගහනයක් සහිත චීනයේ ආසාදිතයන් 82,000ක් සහ මරණ 3300ක් පමණක් වාර්තා වීම පැහැදිලිවම නිවැරදි නොවන බව ජගත් සංවිධානයේ හිටපු තානාපතිනී නිකී හෙලීගේ අදහසයි.

ආසාදිතයන් දෙලක්ෂ 45,000ක් සහ මරණ 6000ක් ලෙස ඇමරිකාවේ දත්ත හා සැසදීමේදී එය පැහැදිලි වන බව ඇය කියා සිටියා.

ලෝකයම කොවිඩ් 19 වෛරසය පරාජය කිරීම සඳහා දියත් කර ඇති සටනට සහය වනු වෙනුවට චීනය සිය කීර්ති නාමය ගොඩනැගීමේ උත්සාහයක නිරත වන බවටයි නිකී හේලී චෝදනා කළේ.

මේ අතර, ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 15,242ක් වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,915ක් ලෙසයි සටහන් වන්නේ.

ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේ කොවිඩ් මරණ 950ක් වාර්තා වූ අතර, එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

 ස්පඤ්ඤයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති අතර, එරට ආසාදිත  සංඛ්‍යාව එක්ලක්ෂ 12,000කට අධිකයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 3000කට ආසන්න වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 33,700 ඉක්මවනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබද සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කරන ආයතනයක් අනාවැකි පළ කර ඇති පරිදි බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ලබන 12 වන දා වන විට උපරිම මට්ටමට පැමිණිය හැකියි.

මෙවර පාස්කු ඉරිදා දිනය යෙදී ඇත්තේ ද එදිනටයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානය හේතුවෙන් සෞදි අරාබිය එරට මුස්ලිම් ආගමික පූජ්‍යස්ථාන පිහිටි මැකා සහ මදීනා නගර වලට පැය 24 පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

විදේශ ශ්‍රමිකයන් විශාල වශයෙන් වෙසෙන ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විට බොහෝ නගර වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 1885ක් සහ මරණ 21ක් වාර්තා වී තිබෙනවා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ 16,413ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 53,238ක්.

Exclusive: UK's Worst Case Coronavirus Toll Is 50,000 Dead but UK ...Breaking News, World News and Video from Al JazeeraCoronavirus updates: Navy fires carrier captain, inside Cuomo ...Over 240,000 confirmed cases of coronavirus in the US, with the ...Coronavirus live updates: First positive test at San Francisco ...Exclusive: UK's worst case coronavirus toll is 50,000 dead but UK ...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top