කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගිය 58 හැවිරිදි පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වනවා.
ඔහු පසුගිය 16 වන දා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව සඳහන්.
ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද ප්‍රතිකාර සඳහා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇය මේ වන විට සුවය ලබා රෝහලෙන් නික්මී ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.