පවත්නා ඇඳිරි නීතිය කාලය තුළ පුද්ගලයින් 80% ක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගනිමින් කටයුතු නොකළහොත් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලින් ගිලිහී යන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න ප්‍රකාශ කළේ මෙම කාර්යයට බිම් මට්ටමේ සිට කටයුතු කරන සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය කෙරෙන මූලික පහසුකම් සැපයීම මීට වඩා විධිමත් අයුරින් සිදුකළ යුතු බවයි.
මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින් හෙට සිට ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
එහිදී යම් එකඟතාවක් ඇති වී ද යන්න විමසීමට අප මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූයේ ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.