පොලිස් ඇඳිරි නීතිය උල්ලංගනය කළ පුද්ගලයින් 10,039 දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 20 වනදා සිට අද පස්වරු 6.00 දක්වා වූ කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි පොලිසිය කියා සිටියේ.
අදාළ කාල සීමාව තුළ වාහන 2489 ක් ද තම භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් නිවේදනය කළේ.