"මෙය බිඳක්වත් කාරුණික නොවන වෛරසයක්.."
දරුවා රෝහලට ගෙන යාමේදී සිදුවූ දේ මෙන්න...
එක්සත් ජනපදයේ මුළු ආසාදිත සංඛ්‍යාව 215, 344ක්..
කොරෝනා වෛරසයට බිලිවූ ලොව ලාබාලතම දරුවා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
සති 6ක් පමණ වයසැති මේ ළදරුවා ඇමෙරිකාවේදී මියගොස් ඇති බවටයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.
"මෙය අපට බිඳක්වත් කාරුණික නොවන වෛරසයකි. නිවසේ රැඳී සිටීමේ වැදගත්කම හා අනෙක් පුද්ගලයින්ට නිරාවරණය වීම සීමා කිරීම මේ මොහොතේ වඩා වැදගත්. මේ දුෂ්කර අවස්‍ථාවේ අපි යාඥා කරමු.."
මියගිය ළදරුවා රෝහල කරා ගෙන යන අවස්ථාවේදී මෙලෙස මියගිය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඇමෙරිකාවේ පසුගිය පැය 24 තුලදී වෛරසය හේතුවෙන් 1000කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මේ කුඩා බිලිඳාද ඒ අතර වනවා.
වෛද්‍යවරුන් පවසන්නේ බිලිඳා යම්කිසි ආකාරයෙන් රෝගාතුරවී සිටි බවයි.
මේ වන විට
එක්සත් ජනපදයේ මුළු ආසාදිත සංඛ්‍යාව
215, 344ක් ලෙස වාර්තා වන අතර මරණ සංඛ්‍යාව
5112ක් බවයි වාර්තා වන්නේ.