කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක, රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද(02) හත්වන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව, බත්තරමුල්ල, පැලවත්ත, හිරු ලයිෆ් මැදිරි සංකීර්ණය අසලින් ආරම්භ වී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්, රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා, රට වටා ගමන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
පන්සලේ, පල්ලියේ, කෝවිලේ වැඩසිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන් සඳහා මෙන්ම, සරණක් අවැසිම වූ ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන් සහ වැඩිහිටි නිවාස-වල සිටින වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් රැදී සිටින ස්ථානයට ම ලබාදීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.
ඒ අනුව, ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කර ගනිමින් හිරු සහන යාත්‍රා රටවටා ගමන් කරනවා.
පසුගිය 27 වනදා ආරම්භ කෙරුන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය, අඛණ්ඩව සෑම දිනකම රට වටා ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්, රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ඊයේ(01) දිනයේත් රට වටා ක්‍රියාත්මක කෙරුනේ, සහන අවැසි අපේම ජනතාව වෙනුවෙන් .
මේ අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ සන් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව සන් එෆ් එම් කෙයාර්ස් (SUN FM CARES) නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ පළමු අදියර ඊයේ වැල්ලවත්ත - බ්‍රෝහියර් අනුස්මරණ වැඩිහිටි නිවාසයේත්, ග්‍රෑන්ඩ්පාස් - දයාවේ නිවස වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා.
මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.
මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවීමට අප සූදානම්.
සහනයක් අවැසි ඔබේ ප්‍රදේශයේ ආගමික ස්ථාන, ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවල තොරතුරු අප වෙත ලබාදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලය ඉල්ලා සිටින්නේ.
0773 035 926, 0773 939 209 දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම් දිය හැකියි.
VIDEO