කොරෝනා වෛරසය වැළඳී මෙරටදී මියගිය තුන්වන පුද්ගලයා පදිංචිව සිටි මරදාන - ඉමාමුල් අරුස් මාවතේ කොටසක් වසා දමා එහි සිටින පවුල් 230 කට අයත් පුද්ගලයින් 819ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මැද කොළඹ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ ඔහු පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බවයි.
කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ මෙලෙස මියගියේ 73 හැවිරිදි පුද්ගලයෙක්.
දියවැඩියාව, අධි රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණවීම ආදී රෝග කිහිපයකින් ද මොහු පෙළී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.