ඇඳිරි නීතිය පනවනු ලැබූ කාලය තුළ පුද්ගලයින් 8451 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පසුගිය 20 වනදා සිට ඊයේ පස්වරු 6 දක්වා කාලය තුළ වාහන 2078 ක් ද පොලිස් භාරයට ගත් බවයි.
එමෙන්ම, ඊයේ දිනය පුරා කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශයේ නිලධාරින් කොළඹ නගරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 195 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 110 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ගැටළු මගහරවා ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පත් කර ඇති බවයි.
මේ අතර කොළඹ නගරයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මාර්ග බාධක 16 ක් ස්ථාපිත කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.