කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ පොරුතොටු නිවසේ සිටි කුඩා ළමුන් ඇතුළු පවුලේ සාමාජිකයින් 13දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.
එම පුද්ගලයා මීට පෙර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඉන් අනතුරුවයි මීගමුව මහරෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත්තේ.
ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ අවසන් කටයුතු මීගමුව මහ නගර සභා පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රියේම සිදුකළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.