Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
රටින් රටට කොරෝනා මරණ අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද? - ලෝකයම බය කළ COVID 19 වෛරසයේ අනාගතය ගැන, විශේෂඥයින් කියූ දේ - Photos

- රටින් රටට කොරෝනා මරණ අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද? - ලෝකයම බය කළ COVID 19 වෛරසයේ අනාගතය ගැන, විශේෂඥයින් කියූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර...
වයසට පත්වූවන්ගේ තත්ත්වය වඩාත් අවදානම්..
ආසාදිත වැඩි පිරිසක් ලේඛනගත නොවේ..
 
එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය.
 
මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වැනිදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ ප්‍රතිශතය 5%ක් විය.
 
මීට හේතුව එක්සත් රාජධානිය තුළ සියලූ ආසාදිතයන් පරීක්ෂාවට ලක් කොට තහවුරු නොකිරීමය.
 
පරීක්ෂාවට ලක් කළ යුත්තේ කවුරුන්ද යන වග තීරණය කිරීමට එක් එක් රටවල් තමන්ගේ නිගමනයන් අනුව කටයුතු කරති. එම නිසා ඒ ඒ රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රතිශතය සංසන්දනය කිරීමේදී වැරදි මගපෙන්වීමක් ලබා දිය හැකිය.
 
මරණ අනුපාතිකය රඳා පවතින තවත් සාධක කිහිපයක් පවතී. ඔබේ වයස, ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ ඔබට ලැබෙන සෞඛ්‍ය සේවා පහසුකම්වල තත්ත්වය ඉන් කිහිපයකි.
 
වයස්ගත සහ අසනීපයෙන් පසුවන පුද්ගලයන්ට නව කොරෝනා වෛරසය වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති සම්භාවිතාව වැඩිය.
 
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුව වයස අවුරුදු 80ට වැඩි උදවියට පවතින මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩු අවදානමකි.
 
වයස්ගත පුද්ගලයන්ට පවතින අවදානම ඉතා ඉහළ වුවත් ”වයස්ගත උදවියගෙන් අති විශාල පිරිසකට අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග තත්ත්වයන් පෙන්නුම් කරනු ඇති” බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, මහාචාර්ය ක්‍රිස් විටි පවසයි.
 
නමුත් මෙය තරුණයන් විසින් නොතකා හරිනු ලැබිය යුතු සුළු ආසාදනයක් ලෙස නොසිතිය යුතු යයි ඔහු අනතුරු අඟවන්නේ ඇතැම් තරුණයන්ට පවා අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව අවධානයට ලක් කරවමිනි.
 
ඒ අනුව බලන කල මෙම ආසාදනයේ අවදානම තීරණය වන්නේ වයස මත පමණක් ම නොවේ.
 
චීනයෙන් වාර්තා වූ පළමු ආසාදිතයන් 44,000 කගේ තත්ත්වය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද හෝ ශ්වසන රෝග පවතින උදවියට පවතින අවදානම සාමාන්‍ය මට්ටම මෙන් අඩු වශයෙන් පස්ගුණයකින්වත් ඉහළ බවය.
 
මේ සියලූම සාධකයන් මත මෙහි මරණ අනුපාතිකය රඳා පවතින බැවින් එක් එක් රටවලින් වාර්තා වන ආසාදිතයන් හෝ සියලූ කාණ්ඩවලට අයත් ආසාදිතයන් කෙරෙහි පවතින මරණ අවදානම පිළිබඳව පූර්ණ නිගමනයකට ඒමට හැකියාවක් නැත.
 
ආසාදිතයන්ගෙන් වාර්තා වන මරණවල රටාව අනුව වැඩිම අවදානමක් පවතින්නේ කාටද යන්න පැවසිය හැකි නමුත් එය නියත වශයෙන් ම අගයක් ලෙස පැවසිය නොහැකිය.
 
දැනට තහවුරු වූ ආසාදිතයන්ගෙන් මරණයට පත් වූ සංඛ්‍යාව ගණනය කොට ලබා ගන්නා අගය සැබෑ මරණ අනුපාතිකය ලෙස සැලකිය නොහැක.
 
සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බොහෝ පුද්ගලයන් වෛද්‍යවරයකු වෙත යොමු නොවන බැවින් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ලේඛනගත නොවේ.
 
මාර්තු 17 වැනිදා වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 2000 ක් පමණි. නමුත් එම අවස්ථාවේ දී එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්රික් වැලන්ස්ගේ තක්සේරුව වූයේ රට තුළ ආසාදිතයන් 55,000ක් පමණ සිටින බවය.
 
මරණයට පත් වූ සංඛ්‍යාව 55,000න් බෙදූ විට ලැබෙන මරණ අනුපාතිකයට වඩා අතිශයින් වැඩි අගයක් එම මරණ සංඛ්‍යාව 2000න් බෙදූ විට ලැබේ.
 
සැබෑ මරණ අනුපාතිකය තීරණය කිරීමේ දී මෙම ඇස්තමේන්තු කෙතරම් වැරදි සහගත අගයන් ලබා දෙන්නේ ද යන්න තහවුරු වන්නේ ලේඛනගත නොවන ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටීම හේතුවෙනි.
 
ආසාදිතයන් සොයා ගැනීම සඳහා එක් එක් රටවල් යොදා ගන්නා ක්‍රමවේදයන් හි පවතින කාර්යක්ෂමතාවය මත එය රඳා පවතින බව ඉම්පීරියල් කොලේජ් සිදු කළ සමීක්ෂණ වාර්තාවක දැක් වේ.
 
වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාව රටින් රටට වෙනස් වේ. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පනවන නීති රටින් රටට වෙනස් ය. මෙම සාධක ද කාලයත් සමඟ වෙනස් වේ.
 
දිවයින පුවත්පත

Coronavirus outbreak | South China Morning PostCoronavirus By The Numbers: Spain Passes China, Indianapolis Is ...Coronavirus may cause global food shortages as panic buying and ...Unfortunate' China tried to cover up the genesis of coronavirus ...China – Foreign PolicyThis is bliss': Chinese barber has clients queuing up as Wuhan ...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top