පසුගිය වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් 30 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
එසේම අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමන බවට පළ වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මේ අතර, නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබාදෙන ලෙසට කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාළ අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව එම කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
දිවයින පුරා නිදහස් වෙළද කලාප 14 ක, කර්මාන්ත ශාලා 278ක් පිහිටුවා ඇති අතර, ඒවායේ එක්ලක්ෂ 37,478ක් සේවයේ නිරත වනවා.
නිදහස් වෙළඳ කලාප තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා හැර සෙසු කර්මාන්තශාලා මේ වන විට වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සලකායි.