රෝගියෙකු ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ගුවන් යානයක් පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලින් ගුවන් ගතකිරීමේදී පුපුරායාම හේතුවෙන් යානයේ සිටි අට දෙනෙකු මියගොස් තිබෙනවා.
යානයේ ඇමරිකානු සහ කැනේඩියානු නිලධාරීන් දෙදෙනකු සිටි බවද සඳහන්.
ජපානයේ හැනෙඩා ගුවන් තොටුපල බලා පිටත් වීමට නියමිතව තිබූ යානය ගුවන් ධාවන පථයේදී පුපුරා ගිය බවයි සදහන් වන්නේ.
අනතුරට පත්වන අවස්ථාවේ යානයේ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු, රෝගියෙකු , සහයකයෙකු සහ ගුවන් කාර්යමණ්ඩලයේ තිදෙනකු ද සිටි බව කියයි