බරපතල තුවාල ලැබූ සෙබළුන්ට වුණු දේ..
පෙරේදා රාත්‍රීයේ සිදුවූ ගැටුමට හේතුව?
කල්පිටිය මොහොන්තුවරම් දූපතේ පිහිටි නාවික හමුදා අනුඛණ්ඩයක සේවයෙහි නියුතු සෙබළකු සිදුකළ වෙඩි තැබීමකින් නාවික හමුදා සුළු නිලධාරියකු මියගොස් තවත් සෙබළුන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවික හමුදා සුළු නිලධාරි කේ.එස්. විජේවීර යි.
පෙරේදා මධ්‍යම රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ එකී සෙබළුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑම හේතුවෙන් බව අනාවරණය වනවා.
වෙඩි තැබීම කළ සැකකාර නාවික හමුදා සෙබළා සිද්ධියෙන් පසු ගිනි අවියද රැගෙන පලා ගොස් ඇති බවත් ඔහු එම දූපතේ කැලෑවක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය එක්ව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් දැන ගැනීමට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බරපතළ තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම දිසා රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි වීරසිංහ, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, සැරයන් බණ්ඩාර (522), පොලිස් කොස්තාපල් ශ්‍රී සිංහ (79884) හා පියරත්න (92605) යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.