අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා රැස්වීමේදී අද තීරණය කෙරුණා.
මෙම දිනවලදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන විශ්‍රාමිකයින්ට අප්‍රේල් 6 වන දා ඒ සඳහා අවස්ථාව පවතිනවා.
තැපැල් කාර්යාල සහ ඒ ඒ බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගත හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දෙන්නේ.
තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙනවිත් භාර දෙනු ලබනවා.
බැංකු වෙතින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන්ට ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු වනවා.
ඒ ඒ නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකඟ වී ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළා.