හෝමාගම රෝහල වෙත ආරක්ෂක උපකරණ පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
හෝමාගම රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා වෛරස් ආසාදිතයින් හදුනා ගැනීම සදහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අවිස්සාවේල්ල, පාදුක්ක, කොස්ගම, කරවනැල්ල, හොරණ, අතුරුගිරිය, නවගමුව සහ වෑතර ප්‍රදේශවල ජනතාවට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැකයක් ඇත්නම්, මෙම රෝහලට පැමිණ ඊට අදාළ පරික්ෂණ කිරීම සිදුකර ගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා 1999 යන කෙටි දුරකථන අංකය ද හදුන්වා දෙනු ලැබුවා.