මාර්ග බාධකය අසල වාහන පරීක්ෂා කරමින් සිටියදී ඇඳිරි නීති බලපත්‍රය ගත් පුද්ගලයා පවසා ඇත්තේ තමන් සහ තවත් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවී ආපසු එමින් සිටියදී එළවළු තොගයක්ද රැගෙන යන බවයි.
මොවුන් මළ ගෙදර නොගිය බවත්, එළවළු රැගෙන ඒ්ම සදහා දඹුල්ල වෙත ගොස් ඇති බවයි, අනෙකුත් රියදුරන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, පොලිසි ඇදිරි නීති බලපත්‍රය ද, කල් ඉකුත්ව ඇති බව ද පොලිසිය පවසනවා.
මොවුන් ගමන් කළ වාහන ත්‍රිත්වයෙහි, එළවළු කිලෝග්‍රෑම් 2000 ක් පමණ ප්‍රමාණයක් තිබු බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ වනවිට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.