Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
29
ලෝකෙම කණපිට ගහපු කොරෝනා මට්ටු කරන එන්නතක් හදන්න, ඇමරිකාවයි, ජපානයයි, චීනයයි තරඟෙට ගහන ගේම් එක - එන්නත අත්හදා බලන්න ඉදිරිපත් වූ කාන්තාව දැන් කියන කතාව මෙන්න - Photos

- ලෝකෙම කණපිට ගහපු කොරෝනා මට්ටු කරන එන්නතක් හදන්න, ඇමරිකාවයි, ජපානයයි, චීනයයි තරඟෙට ගහන ගේම් එක - එන්නත අත්හදා බලන්න ඉදිරිපත් වූ කාන්තාව දැන් කියන කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
"එන්නත අත්හදා බලන්න ඉදිරිපත්වුණේ සල්ලි නිසා නෙවේ.."
මට පිටු 45ක ලියවිල්ලක් අත්සන් කරන්න වුණා..
චීනයේ කැන්සිනෝ බයලොජික්ස් සමාගම කළ අත්හදා බැලීම..
 
කොවිඩ්-19 වසංගතය තරම් මෑත කාලයේ මුළු ලෝකයම එක සේ භීතියට පත් කළ කාරණයක් ගැන සිතා ගැනීම අසීරුය.
 
මේ නිසා මේ වනවිට කවුරුත් පුල පුලා බලා සිටින්නේ මිනිස් සංහතිය ආක්‍රමණය කළ මෙම බිහිසුණු සතුරා මෙල්ල වනු ඇත්තේ කවදාද, කොයි ආකාරයෙන්ද යන්න ගැනය.

වසංගතය පාලනය කිරීම සඳහා විවිධ රටවල් ගනිමින් සිටින බොහෝ පියවරවලින් ලොකු ප්‍රතිඵලයක් දක්නට නොමැති පසුබිමක් තුළ දැන් කාගේත් ප්‍රාර්ථනාව වී ඇත්තේ ඉක්මනින් මෙයට එරෙහි එන්නතක්, ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඔෟෂධ විශේෂඥයන්ට හැකියාව ලැබේවාය යන්නයි.
 
මේ නිසාම පසුගිය මාර්තු 16 වැනි දින පළමු වතාවට එවැනි එන්නතක් මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමට පියවර ගැනීම කා තුළත් යම් අස්වැසිල්ලක් ඇති කළ බව පෙනිණි.
 
මේ ආකාරයෙන් අත්හදා බලන ලද පළමු එන්නත නිෂ්පාදනය කරන ලද්දේ ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය සහ මොඩර්නා සමාගම විසිනි. 
 
ජාතික සෞඛ්‍ය ආයතනය යනු ඇමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනයකි. මොඩර්නා සමාගම මැසචුසෙට්ස් ප්‍රාන්තයෙහි පිහිටා ඇති ප්‍රසිද්ධ ජෛව තාක්‍ෂණ සමාගමකි.
 
ඔවුන් විසින් නිපදවන ලද මෙම එන්නත හැඳින්වෙන්නේ එම්ආර්එන්ඒ-1273 (mRNA-1273) යන සංකේත නාමයෙනි.
 
පර්යේෂණ මට්ටමෙහි පවතින මෙම එන්නත මෙන්ම එය අත්හදා බැලීම සඳහා පළමුවරට එන්නත් කළ පුද්ගලයාද පසුගිය දිනවල ලෝකය පුරා විශාල අවධානයකට ලක්විය.
 
මෙවැනි එන්නතක් මුල්වරට අත්හදා බැලීමේදී එය ලබන්නාට කිසියම් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත.
 
මන්දයත් එයින් අනපේක්‍ෂිත සංකූලතා ආදිය ඇති විය හැකි බැවිනි. mRNA-1273 එන්නත මුලින්ම එන්නත් කරන ලද්දේ ජෙනිෆර් හේලර් නමැති 43 හැවිරිදි කාන්තාවකටයි. ඇය දරු දෙදෙනකුගේ මවක බවද සඳහන් වේ.
 
හේඩ්න් නමින් පුතකු ද, එලී නමින් දියණියකද තමාට සිටින බැව් ඇය පවසා තිබිණි. ජෙනිෆර් මෙම එන්නත අත්හදා බැලීමේ ව්‍යාපෘතිය සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් පිරිසකට අයත් වූ කෙනෙකි.
 
ඇය ගැන බොහෝ තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබෙනු දැකිය හැකිවිය.
 
මෙවැනි අත්හදා බැලීමක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැති පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව තිබෙන බව ඇය මුලින්ම දැනගෙන ඇත්තේ ඇයගේ මිතුරියක ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුවක් මඟිනි.
 
මෙයට සති දෙකකට පමණ පෙර ඇයට දැකගන්නට ලැබුණු එම පෝස්ටුව වොෂින්ටනයේ පිහිටි ‘කයිසර් පර්මනන්ටේ’ නමැති සෞඛ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පළ කරනු ලැබුවකි.
 
mRNA-1273 එන්නත අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මෙම මධ්‍යස්ථානය යටතේයි. ඔවුන්ගේ පෝස්ටුවට අනුව මෙම කටයුත්ත සඳහා ඉල්ලුම් කළ යුතු වූයේ අන්තර්ජාලය හරහා බාගත කළ හැකි වූ පෝර්මයක් පුරවා යැවීමෙනි.
 
ජෙනිෆර් වහාම එම පෝර්මය පුරවා යැවූ අතර පසුවදාම ඇයට ඇමතුමක් ලැබිණි.
 
ජෙනිෆර් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්‍ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය බව එයින් කියැවිණි. ඒ අනුව ජෙනිෆර් එහි ගොස් එම පරීක්‍ෂණයට පෙනී සිටියාය.
 
තමා මෙවැනි අනතුරුදායක කටයුත්තක් සඳහා ඉදිරිපත් වීම ගැන ඇයගේ හිතවතුන් බොහෝදෙනකු විරෝධය දැක් වූ බවද ජෙනිෆර් පවසන්නීය. මෙවැනි කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට බියක් නැතිදැයි ඇතැමුන් ඇයගෙන් විමසා තිබිණි.
 
නමුත් ජෙනිෆර් පවසන්නේ තමුන්ට එවැනි බියක් නොදැනුණු බවයි. නව කොරෝනා වයිරසය නිසා ඇතිව තිබූ භයානක තත්ත්වයට පිළිතුරක් සෙවීම සඳහා තමාටද උදවු විය හැකි විධියක් ගැන තමා කල්පනා කරමින් සිටි බව ඇය පවසා තිබිණි.
 
ඇය තවදුරටත් පවසන්නේ මෙයින් තමාට සිදුවිය හැකි අනතුරට වඩා මෙම අත්හදා බැලීමෙන් ලෝකයට ලැබිය හැකි ප්‍රයෝජනය වඩාත් වැදගත් බවයි.
 
මේ අනුව ජෙනිෆර් ඉහත කී පරීක්‍ෂණයට මුහුණ දුන් අතර එහිදී ඇයගේ සෞඛ්‍ය ඉතිහාසය පිළිබඳ පුළුල් විමසා බැලීමක් සිදු කරනු ලැබිණි. මෙම සියලු පරීක්‍ෂණවලින් ඇය සමත් වූවාය. mRNA-1273 එන්නත අත්හදා බැලීම සඳහා එය පළමුවරට ලබන පුද්ගලයා බවට පත් වීමේ අවස්ථාව ජෙනිෆර්ට හිමි වූයේ ඒ අනුවය.
 
මාර්තු 16 වැනි දින එම එන්නත ලැබීමට පෙර පිටු 45ක ලියවිල්ලකට අස්සන් තැබීමට තමාට සිදු වූ බවද ඇය පවසා තිබිණි.
 
මෙම කටයුත්ත වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් 1,100ක දීමනාවක් ලැබෙන බවද සඳහන් වේ. එය ලංකාවේ රුපියල්වලින් ලක්ෂ දෙකකට වැඩි මුදලකි. නමුත් ජෙනිෆර් පවසන්නේ තමා මෙයට ඉදිරිපත් වූයේ මුදල් නිසා නොවන බවයි.
 
මුදල් නිසා එයට ඉදිරිපත් වී නම් මෙයට වඩා ඉතා වැඩි මුදලක් තමුන් අපේක්‍ෂා කරන බව ඇය පවසා තිබිණි. ජෙනිෆර් පවසන්නේ තමාට ගෙවන මුදල හුදෙක් සංකේතාත්මක ගෙවීමක් පමණක් බවයි. ඇය තාක්‍ෂණ සමාගමක කළමනාකාරිනි ලෙස රැකියාව කරන්නියක බවත්, ආර්ථික වශයෙන් යහපත් මට්ටමක සිටින බවත් සඳහන් වේ.
 
mRNA-1273 එන්නත අත්හදා බැලීම සඳහා ලබා දුන් එකම පුද්ගලයා ජෙනිෆර් නොවේ. තවත් 45 දෙනකුට එය ලබාදීමට නියමිතව තිබිණි.
 
මුල්වරට ලබා දී මාසයක කාලයකට පසු නැවතත් එන්නත ලබාදෙන බවද සඳහන් වේ. මෙම අත්හදා බැලීම මඟින් මූලික වශයෙන්ම සොයා බැලෙන්නේ එයින් යම් යම් සංකූලතා ඇති වන්නේද යන්න පිළිබඳව සහ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි යම් වර්ධනයක් ඇති කිරීමට එයට හැකි වන්නේද යන්න පිළිබඳවය.
 
කෙසේ වෙතත් මෙම එන්නත මේ ආකාරයෙන් අත්හදා බැලුවත් එය අද හෙටම රෝගීන්ට ලබා දීමට හැකිවන්නක් නොවේ. මෙය නිසි ආකාරයෙන් වැඩ කරනවාද යන්න තීරණය කිරීමට තව මාස කිහිපයක් ගත වන බව ඔෟෂධ විශේෂඥයන්ගේ අදහසයි.
 
යම් හෙයකින් එය මිනිසුන් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළත් ඉන්පසු මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමටද කලක් ගතවෙයි. ඒ අනුව බොහෝ විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙය රෝගීන්ට ලබාදිය හැකි මට්ටමට ගෙන ඒමට මාස 12-18 අතර කාලයක් ගත වනු ඇති බවයි.
 
මෙම එන්නත ගැන මේ ආකාරයෙන් අවධානය යොමු වෙද්දී පසුගිය දිනවල ජපානයේ ඔෟෂධයක් සම්බන්ධයෙන්ද විශාල අවධානයක් යොමුවනු දැකිය හැකි විය.
 
ෆැවිපිරාවිර් නමින් හැඳින්වෙන මෙම ඔෟෂධය සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සඳහා ලබා දෙන්නක් බව සඳහන් වේ.
 
චීනයේ වූහාන් සහ ෂෙන්සෙන්හි රෝගීන් 340 දෙනකු යොදාගනිමින් කරන ලද පරීක්‍ෂණයකදී මෙය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව පවසා ඇත්තේ චීනයේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ෂැංග් ෂින්මින් නමැති නිලධාරියෙකි.
 
මෙම ඔෟෂධය ලබා දුන් රෝගීන් වයිරසය ආසාදනය වී දින 4ක් වැනි කාලයක් තුළ සුවය ලැබූ බව සඳහන්ය. ඔෟෂධය ලබා නොදුන් රෝගීන් සුවය ලබා ඇත්තේ සාමාන්‍යයෙන් දින 11ක පමණ කාලයකට පසුව බවද සඳහන් වේ.
 
මෙම ඔෟෂධය 2014 වසරේ නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් නමැති සමාගමකි. ජපානයේ රෝගීන් සඳහාද මෙම ඔෟෂධය අත්හදා බැලෙමින් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
නමුත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා තිබුණේ බරපතළ රෝග ලක්‍ෂණ පෙන්වන රෝගීන් මෙම ඔෟෂධයට එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. කෙසේ වෙතත් ඔෟෂධය සම්බන්ධයෙන් චීන නිලධාරියා කළ ප්‍රකාශයෙන් පසු එය නිපද වූ සමාගමේ කොටස්වල අගය වේගයෙන් ඉහළ යමින් ඇති බවද වාර්තා වෙයි.
 
මේ අතර ඇමෙරිකානු අත්හදා බැලීමෙන් දින දෙකකට පසු චීනයේ කැන්සිනෝ බයලොජික්ස් ( CanSino Biologics) නමැති ඔෟෂධ සමාගමක්ද මිනිසුන් යොදාගෙන එන්නතක් අත්හදා බලා ඇති බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.

උපුටා ගැනීම - මව්බිම පුවත්පත

Coronavirus: US volunteers test first vaccine - BBC NewsFirst Person Injected With Trial Coronavirus Vaccine In SeattleModerna, NIAID Partner on Planned Trial of Coronavirus mRNA VaccineTrial of Coronavirus Vaccine Made by Moderna Begins in Seattle ...US researchers start human trials for coronavirus vaccine | News ...These 16 companies are working on coronavirus treatments or ...
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top