කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අවිනිශ්චිත භාවය තුළින් ලෝක වෙළඳ පොලේ රන් මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 1625 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගතවූ සතියේ එය සියයට 10 කින් පමණ වර්ධනය වීම විශේෂත්වයක්.
එමෙන්ම මිල ඉහළයාම 2008 වසරෙන් පසු වාර්තාවන ඉහළම වර්ධනයයි.
මේ අතර රන් මිල ඉදිරි තුන් වසර තුළ ඩොලර් 3,000 දක්වා ඉහළ යා හැකි බවට විශ්ලේෂකයන් අනාවැකි පළ කරනවා.