කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී මියගොස් තිබෙනවා.
මහරගම වත්තෙගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වන ලක්ෂේන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා ස්විට්සර්ලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුනා.
වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි.