කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.
මෙය කොරෝනා වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු මරණයයි.
මියගිය පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුනු අයෙක් බව අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.