කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මේ වන විට ලොව පුරා උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල හිඟයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ලොව කොන්ඩම් නිෂ්පාදකයින් අතර ප්‍රමුඛතම සමාගම වන මැලේසියානු සමගාම කියා සිටියේ, වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා එරට ලොක්ඩවුන් කිරීමට තීරණය කිරීමත් සමගම සති දෙකකට කාලයක් තම නිෂ්පාදන අත්හිටුවා ඇති බවයි.
ඔවුන් සතුව කර්මාන්ත ශාලා ත්‍රිත්වයක් පවතින අතර, ඒ්වායේ පසුගිය දෙසතිය තුළ කිසිදු කොන්ඩමයක් නිෂ්පාදනය නොකළ බව ද සදහන්.
රොයිටර් පුවත් සේවය පවසන්නේ මේ හේතුවෙන් දැනටමත් කොන්ඩම් මිලියන 100 ක පමණ හිඟයක් ලොව පුරා ඇති වී තිබෙන බවයි.
ඒ්, හේතුවෙන් ඉදිරියේදී දරු උපත් වැඩි වීමේ සම්භාවිතාවයක් ද පවති බවයි සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ.
කෙසේ වෙතත් තීරණාත්මක කර්මාන්ත සඳහා ලබා දුන් විශේෂ නිදහස් කිරීමක් යටතේ පසුගිය සිකුරාදා (27) සමාගමට නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දුන් නමුත් එහි සේවයේ යෙදෙන්නේ සමස්ත ශ්‍රම බලකායෙන් 50% ක් පමණක් බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.