කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද හය ලක්ෂය ඉක්මවූවා.
කොරෝනා මරණ 27,438ක් ලොව පුරා වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 9134ක්.
ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 65,719ක් වාර්තා වන අතර, එහි මරණ සංඛ්‍යාව 5138ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්ලක්ෂ 4256ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා.
මේ අතර, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩපිළිවෙල යටතේ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය ඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඊට සාමාජිකයින් 40 දෙනෙකු අයත් වන අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එහි සභාපතිවරයා සහ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙසයි පත් කර ඇත්තේ.
ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා නම් කර තිබෙනවා.