සුප්‍රකට ගුගල් සමාගම විසින් කොරෝනා මර්දන සටනට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක දායකත්වයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉන් ඩොලර් මිලියන 250 ක් පිරිනැමීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
තොරතුර තාක්ෂණයට සම්බන්ධ ආයතනයක් විසින් ලබා දුන්, විශාලතම මුදල් ප්‍රදානය මෙය වන බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
අනෙක් මුදල් ප්‍රතිපාදන ව්‍යපාරික ප්‍රජාවේ යහපත වෙනුවෙන් වෙන් කර ඇති බව ද සදහන්.
මෙම අවස්ථාවේදී හැකි සෑම පාර්ශවයකටම සහය දැක්වීම සිය බලාපොරොත්තුව බවයි ගුගල් සමාගම වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන්, නිවැරදි තොරතුරු ලබාදීම සදහා ඇපල් සමාගම විසින් වෙබ් අඩවියක් ද හදුන්වා දෙනු ලැබුවා.