ඒ හේතුවෙන්, කාන්තාවන්, උදෑසනම තම නිවසේ සිටින පිරිමි පුද්ගලයින් අවදි කරවා, ස්නානය කිරීමට සලස්වා, කහ ජලයෙන් පුද පූජා කළ බවට ද වාර්තා වනවා.
සමහර පිරිමි පුද්ගලයින් කහ ජලයෙන් පවා ස්නානය කර ඇති බව සදහන්.
මෙම කාරණාව සම්බන්ධයෙන්, අප අදාළ කෝවිලෙන් කළ විමසීකදී එහි භාරකාර මණ්ඩලය කියා සිටියේ එවැනි සිද්ධියක් වාර්තාවී නොමැති බවයි.
අසත්‍ය පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද මෙලෙස සටහන් කර තිබුණා.
මේ අතර මෙරට පිහිටි හින්දු දේවස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර කියා සිටියේ අදාළ අසත්‍ය පුවත ප්‍රචාරය කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
නල්ලූර් කන්දස්වාමි කෝවිල, ත්‍රිකුණාමලය - කෝනේෂ්වරම් කෝවිල සහ රම්බොඩ ආන්ජනෙයියර් කෝවිල යන හින්දු සිද්ධස්ථානවල ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමිනුයි බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේ.