2020 වසර සඳහා විශ්ව විද්‍යාලවලට ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබු කාලසීමාව තවත් සති දෙකකින් කල් දැමීමට පියවර ගෙන තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියාසිටියේ මීට පෙර අදාළ කාලසීමාව ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු බවයි.
කෙසේවෙතත් රට තුළ පවතින තත්වය මත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබු කාලය ලබන අප්‍රේල් මස 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී මතුවන තත්වයන් සලකා බලා 2020 විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වීමට අපේක්ෂිත කිසිදු සිසුවෙකු අපහසුතාවට පත් නොවන පරිදි එම කාලසීමාව තවදුරටත් කල්දැමීමට වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් බව සභාපතිවරයා අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ හා සම්බන්ධ ඉදිරි සැලසුම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හා ජනමාධ්‍ය ඔස්සේ දැනුම්දීමට පියවර ගන්නා බවයි.