මෙරට වරායන් වෙත පිවිසෙන සියළු නෞකා, ප්‍රමාද ගාස්තු සහ පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.
වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ මෙලෙස පැමිණෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ දැනුම් දීමට අනුව මෙම තීරණය ගත් බවයි.
එසේම ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ භාණ්ඩ මෙහෙය වීමේදී ආනයනික බහාලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහාලුම් සඳහා අය කෙරෙන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර තිබෙනවා.
වරාය තුළ බහාලුම් ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන රථ සඳහා අවශ්‍ය ඉන්ධන, මුදල් ගෙවීමේ පදනම මත වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගැනීමේ පහසුකම් ද සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.