Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
"අපි පවුලට පෙට්ටියේ පින්තූරයක් යවනවා - විශ්වාස කරනවා ඇරෙන්න විකල්පයක් නෑ.." - කොරෝනා නිසා මළගමක් වූ දේශයේ, අවමංගල සේවා සපයන්නන් දැන් කියන, මනුෂ්‍යයෙකුට උහුලාගත නොහැකි හද කම්පා කරවන කතාවක් - Photos

- "අපි පවුලට පෙට්ටියේ පින්තූරයක් යවනවා - විශ්වාස කරනවා ඇරෙන්න විකල්පයක් නෑ.." - කොරෝනා නිසා මළගමක් වූ දේශයේ, අවමංගල සේවා සපයන්නන් දැන් කියන, මනුෂ්‍යයෙකුට උහුලාගත නොහැකි හද කම්පා කරවන කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
''මළ සිරුරුවලට ලස්සනට ඇඳුම් අන්දවන්න අපට බැහැ. ඔවුන්ගේ හිස පීරන්න බැහැ.
පවුලේ නෑදෑයන් අපට දුන් ඇඳුම් අපි මළ සිරුර උඩින් තියනවා..
''කතා කරන්න කාටවත් හැඟීමක් නැහැ - නිහඬතාව විතරයි''
 
කොරෝනාවෛරසය නිසා ඉතාලියට අවමංගල උත්සව පවා තහනම් කිරීමට හේතු වී ඇත.
 
එපණක් නොව, කොරෝනාවෛරසය ම තමන් විසින් මරු කැඳවන ලද ඉතාලි ජාතිකයන්ට තවත් අසාධාරණයක් සිදු කරයි. එය මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තම මිය ගිය නෑදෑයාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාවත් අහිමි කිරීමය.

''මේ වසංගත උපද්‍රවය දෙවතාවක් ම අපි මරා දමනවා. පළමු අවස්ථාව අපි මැරෙන්නත් ඉස්සර වෙලා අපි අපේ ආදරණීය නෑදෑයන්ගෙන් වෙන්කර හුදෙකලා කරනු ලැබීම. දෙවැන්න, අපි කිසිවෙකුට එකිනෙකාට කිට්ටු වෙන්න තියෙන අවස්ථාව නැති කිරීම,'' මිලාන් නගරයේ අවමංගල සේවා ආයතනයක සේවකයකු වන අන්ද්‍රේයා සෙරටෝ (Andrea Cerato) පවසයි.
 
''පවුල් ඉතා ම ඛේදජනක ඉරණමකට ලක්වෙලා. බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක්''
 
Covid 19 වෛරසයට ගොදුරු වූ බොහෝ ඉතාලි ජාතිකයන් මරණය වැළඳගනු ලබන්නේ රෝහල් තුළ වෙන්කරනු ලැබ සිටිය දී සිය පවුලේ සාමාජිකයන් හෝ කිසිදු හිතමිතුරකුගෙන් තොරවය. රෝහල්ගත කරනු ලැබ සිටින ආසාදිත තැනැත්තා බැලීමට යාම තහනම්ය. හේතුව වෛරසය බෝවීමේ අනතුර ඉතා බරපතළ බැවිනි.
 
පුද්ගලයෙකුගේ මරණයෙන් පසු වෛරසය තවත් කෙනෙකුට ආසාදනය නොවන බව සෞඛ්‍යය බලධාරීන් ප්‍රකාශ කරන නමුත් වෛරසය මියගිය තැනැත්තාගේ ඇඳුම්වල පැය කීපයක් අන්තරායකාරී මට්ටමින් රැඳී පැවතිය හැකිය. කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මරණයට පත් පුද්ගලයෙකුගේ දේහය වහා ම වසා සීල් තබනු ලබන්නේ එබැවිනි.
 
''බොහෝ පවුල්වල නෑදෑයෝ අන්තිම වරට තම මියගිය සාමාජිකයාගේ දේහය බලාගන්න අපෙන් අවස්ථාවක් ඉල්ලනවා.'' ක්‍රෙමෝනා'' (Cremona) නගරයේ අවමඟුල් කටයුතු මුදලට සංවිධානය කරන්නෙකු වන මසිමෝ මැන්කස්ට්‍රොපා (Massimo Mancastroppa) පවසයි.
 
කොරෝනාවෛරසයෙන් මරණයට පත් තැනැත්තන් ඉතා හොඳ වර්ගයේ තමන් ආශා කළ ඇඳුමකින් සරසා මිහිදන් කිරීමක් සිදු නොකෙරෙයි.
 
ඒ වෙනුවට සිදුවෙන්නේ රෝහලේ දී අඳින්නට දුන් ගවුමක් වැනි ඇඳුමින් සැරසී අවසන් ගමන් යාමටය.
 
එහෙත් අවමඟුල සංවිධානය කරන මසිමෝ මැන්කස්ට්‍රොපා තමන්ට කළ හැකි උපරිමය මියගිය පුද්ගලයන් වෙනුවෙන් ඉටුකරයි.
 
''පවුලේ නෑදෑයන් අපට දුන් ඇඳුම් අපි මළ සිරුර උඩින් තියනවා. ඔවුන් කලින් අඳින ලද ආකාරයට. උඩ කොටසට කමිසයක්. යටට සායක්''
 
"අපි මරණකරුගේ පවුලේ සාමාජිකයන්ගේ සියලු වගකීම් භාර ගන්නවා'' අන්ද්‍රේයා සෙරටෝ පවසයි.
 
''අපි මරණකරුගේ පවුලට ඔහුගේ හෝ ඇයගේ මිනී පෙට්ටියේ පින්තූරයක් යවනවා. ඊට පස්සේ අපි මිනිය රෝහලෙන් අරගෙන එක්කෝ වළ දමනවා. නැත්නම් පුළුස්සා දමනවා. මරණකරුගේ පවුලේ සාමාජිකයන්ට අපව විශ්වාස කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නැහැ''
 
තමන්ට ඇති බරපතළ ම දුෂ්කරතාව සිය ඥාතියාගේ වියෝවෙන් තැවෙන පවුලේ සාමාජිකයන් සැනසීම බවත් අන්ද්‍රේයා සෙරටෝපවසයි.

''මළ සිරුරුවලට ලස්සනට ඇඳුම් අන්දවන්න අපට බැහැ. ඔවුන්ගේ හිස පීරන්න බැහැ. මුහුණු හැඩ ගන්වන්න බැහැ. ඔවුන් සංසුන්ව ලස්සනට සැතපිලා ඉන්න හැටියට සකස් කරන්න බැහැ. හරි ම කනගාටුයි!''
 
අන්ද්‍රේයාට මුදලට අවමඟුල් සේවා සපයන්නෙකු ලෙස වසර තිහක අත්දැකීම් සහිතය. ඔහුගේ පියාගේ වෘත්තියත් එය ම විය. මරණයකින් වියෝදුක් විඳින්නන්ට ඉතා ම කුඩා දෙයක් පවා ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.
 
''වෙන්ව යන තම ආදරණීය තැනැත්තාගේ නිකට අල්ලා අවසන් වරට අතගෑම, ඔවුන්ගේ අත් මත සිය අත්තබා ගෙන සිටීම වැනි දේවල් අද දක්නට නොලැබීම කම්පාවට හේතුවක්!''
 
පවතින වසංගතය හමුවේ අවමඟුල සිදුකරන්නන්ට සිදුව ඇත්තේ මරණකරුගේ නිවස අබියසට ගොස් වසා දමනු ලැබ ඇති ඉදිරිපස දොර දෙපැත්තේ සිට සොවින් තැවෙන ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීමටය.
 
ඥාතීහු සිය පණිවුඩය හැටියට අතින් ලියන ලද සටහන් යැවීමට යත්න දරති. එපණක් නොව, පරම්පරාවෙන් උරුම වූ භාණ්ඩයක්, අතින් අඳින ලද චිත්‍රයක්, කවියක් වැනි දෙයක් මිහිදන් කිරීමට යන සිය මවගේ-පියාගේ-සහෝදරයාගේ හෝ සහෝදරියගේ සිරුර පසෙකින් තැබීම සඳහා අවමඟුල් සංවිධායකයන්ට දොර අතරින් භාර දෙති.
 
එහෙත් ඒ කිසිවක් මිනී පෙට්ටිය ඇතුළේ තැන්පත් නොකෙරෙනු ඇත.
 
පෞද්ගලික වස්තූන් මිහිදන් කිරීම ඉතාලියේ දැන් තහනම්ය. එය තද නීතියක් වන නමුත් එහි අරමුණ වෛරසය පැතිරයාම වළක්වා ගැනීමය.
 
පුද්ගලයකු නිවසේදී මරණයට පත්වුවහොත් අවමඟුල සංවිධානය කරන්නන්ට නිවසට ඇතුළුවීමට අවසර ඇත. එහෙත් ඔවුන් සම්පූර්ණ ආරක්ෂාකාරී ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටිය යුතුය. කන්නාඩි, මුඛ ආවරණ, අත්වැසුම්, කබා ආදියෙන් තම පවුලේ සාමාජිකයෙකු මියගිය මොහොතේ එවැනි දසුන් දැකීම කෙනෙකුට විශාල චිත්ත පීඩාවක් වනු ඇත.
 
එහෙත් බොහෝ අවමංගල කටයුතු සංවිධායකයෝත් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිති. ඇතැමුන්ට තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇත. ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙන්නේ මළ මිනී සමග කටයුතු කරන්නන්ට මුඛ ආවරණ සහ අත්වැසුම් නොවීමය.
 
''තවත් සුමානෙකට සෑහෙන ආරක්ෂක උපකරණ අපට තියෙනවා '' අන්ද්‍රේයා සෙරටෝ පවසයි.
 
''ඒත් ඒවා ඉවර වුණොත් අපට අපේ මෙහෙය ඉටුකරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අපි ඉතාලියේ ලොකු ම අවමඟුල් සේවා ආයතනවලින් එකක්. මට හිතාගන්නවත් බැහැ. අපි කොහොම ද ඉදිරියේදී උද්ගත වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියල''
 
වෛරසය පැතිරයාම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් ජාතික හදිසි නීතියක් මගින් ඉතාලියේ අවමඟුල් උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබ ඇත. ඉතා ශක්තිමත් රෝමානු කතෝලික සාරධර්ම මුල්බැසගත් ඉතාලිය වැනි රටක එවැනි තත්ත්වයක් සිතා ගැනීම පවා අසීරුය.
 
යටත් පිරිසෙයින් දවසකට එක මළ සිරුරක්වත් මිහිදන් කිරීමට අන්ද්‍රේයා සෙරටෝට සිදුවෙයි. එහෙත් එම මළ සිරුරකට සමුදීමට එකදු මිනිසෙකු හෝ එහි නැත. සියලු දෙනා ම නිරෝධායන වී ඇති හෙයිනි.
 
''මළ සිරුරක් වළ දමන කොට එක්කෙනෙකුට නැත්නම් දෙන්නෙකුට අවසර ලැබෙනවා. නමුත් එච්චර තමයි,'' මසිමෝ මැන්කස්ට්‍රොපා පවසයි.
 
''කතා කරන්න කාටවත් හැඟීමක් නැහැ - නිහඬතාව විතරයි''
 
එහෙත් ඔහු හැකි හැමවිට ම එම තත්ත්වය වළක්වා ගැනීමේ තැතක නිරත වෙයි. හැකි අවස්ථාවන්හි ඔහු මළසිරුර පැටවූ මෝටර් රථය පල්ලියක් කරා පදවයි. මිය ගිය තැනැත්තා වෙනුවෙන් ආශීර්වාද කරන ලෙස දේවගතිවරයාගෙන් ඉල්ලා සිටියි.
 
ඒ සඳහා ඇත්තේ තත්පර කීපයක් පමණි. ඊළඟට ඊළඟ තැනැත්තාගේ වාරයයි.
 
ඉතාලියේ අවමඟුල් සමාගම්වලට ඉහවහා ගිය මට්ටමින් වැඩ ලැබෙයි. මරණ සංඛ්‍යාව ඉහළ නගිමින් ඇත. හත්දහසකට අධික ජීවිත කොරෝනා රකුසා දැනටමත් බිලිගෙන අවසන්ය. එය එක රටක වාර්තා වූ වැඩි ම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
 
''ක්‍රිමොනා නගරයේ අපේ ශාඛාව ඉදිරිපිට මරණ පෝලිමක් තියෙනවා'' අන්ද්‍රේයා සෙරටෝ පවසයි.''හරියට සුපිරි වෙළෙඳ සලක තත්ත්වයට බොහෝ දුරට සමානයි''
 
උතුරු ඉතාලියේ මෘත ශරීරාගාර මළමිනීවලින් පිරී ගොස්ය.
 
''ක්‍රිමොනා නගරයේ රෝහලේ තියෙන පල්ලිය හරියට මිනී තියන ගබඩාවක් වගෙයි'' මසිමෝ පවසයි.
 
මිනී පෙට්ටි දේවස්ථාන ඉදිරියේ පෝලිමේ තබා ඇත. බර්ගමෝ (Bergamo) මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ නගරයයි. නගරයේ සුසාන භූමි පිරීගිය හෙයින් යුද්ධ හමුදාව කැඳවීමට සිදුවිය.
 
පසුගිය දා එක් රාත්‍රියක හැත්තෑවකට අධික මිනී පෙට්ටි යුද්ධ හමුදා රථ පෙළක් නගරය ඔස්සේ සෙමෙන් ඉදිරියට ඇදෙන ආකාරය එහි නිවැසියෝ නිහඬව බලා සිටියහ.
 
අසල නගරයකදී දවාලීම සඳහා එලෙස රැගෙන යන ලද්දේ ඔවුන්ගෙන් කවරෙකුහේ හෝ මිතුරෙකුගේ හෝ අසල්වැසියකුගේ මෘත දේහයකි.
 
වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඉතාලිය පුරා දැන් අගයනු ලබන්නේ වීරයන්ගේ මට්ටමිනි. ඔවුහු ඉතාලියේ මෙම අඳුරු සමයේ ගැලවුම්කරුවන් පිරිසකි. එහෙත් අවමංගල සේවා සපයන්නන් ඔවුන් ඉටුකරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් ඇගයීමට ලක් නොවෙති.
 
''බොහෝ දෙනෙක් අපි දකින්නේ මළමිනී ප්‍රවාහනය කරන්නන්ගේ මට්ටමින්'' මසිමෝ පවසන්නේ සුසුම් අතරිනි.
 
ජීවමාන ලෝකය සහ මළවුන්ගේ ලෝකය බෙදා වෙන් කෙරෙන ගංගාවක් ඔස්සේ අලුතින් මරණයට පත්වූවන්ගේ ආත්මයන් ප්‍රවාහනය කරන පව්කාර චේරන් (Charon) නම් මිථ්‍යා පුරාවෘත්තමය චරිතය දෙස බලන ඇසින් බොහෝ ඉතාලි ජාතිකයන් තමන් දෙසත් බලන බව මසිමෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
බොහෝ දෙනෙකුගේ ඇස් අතර දක්නට ලැබෙන්නේ කෘතඥතාවෙන් තොර හිස් ස්වභාවයකි.
 
#Andratuttobene - ''සියල්ල හොඳ අතට හැරෙනු ඇත'' COVID -19 වෛරසය පැතිරයාමත් සමග එවැනි පණිවුඩයක් සහිත හැෂ්ටෑගයක් ඉතාලිය පුරා ප්‍රචාරය කෙරෙමින් පවතී. සිනාව ඇතුළත් දේදුනු රුවක් ද ඊට එක් කරනු ලැබ ඇත.
 
නමුත් මේ මොහොතේත් ආලෝකයක සේයාවක් නොමැත. රට ම යාඥා කරමින් ඇතත් නැවතත් සියල්ල කවදා සැබැවින් ම යථාතත්ත්වයට පත්වේ ද යන්න කිසිවෙක් නියත ලෙස නොදනිති.

BBC සිංහල

Italy's Elderly Suffer Heavy Toll as Coronavirus Spreads - The New ...G7 to convene remotely and Covid-19 death toll in Italy overtakes ...Uncounted among coronavirus victims, deaths sweep through Italy's ...Coronavirus: Death toll in Italy rises 627 in 24 hours – East Bay ...Coronavirus: Italy struggles to bury its dead amid spiking deaths ...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top