කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකි ද යන්න පිළිබදව බ්‍රිතාන්‍යය පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.
ලන්ඩනයේ සෞඛ්‍ය සහ ඝර්මකලාපීය වෛද්‍ය පාසල සහ ඩර්හැම් විශ්වවිද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ සුනඛයන්ට ඉව කිරීමෙන් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් හඳුනාගත හැකි ද යන්න පිළිබදවයි.
මැලේරියා රෝගීන් හඳුනා ගැනීම පිළිබදව ද මීට පෙර බ්‍රිතාන්‍ය සුනඛයන් යොදාගෙන පර්යේෂණයක් සිදුකෙරුණා.
බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 11,812ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 578ක්.