Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
"මගෙන් බෝවුණු මගේ තාත්තා මැරුණා. ඉහළ යන රෝගීන් වෙනුවෙන් දෙන්න උත්තරයක් අපි ළඟ නැහැ.." - COVID 19 නිසා ඉතාලිය මළමිනී දේශයක් වුණේ කොහොමද? කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න - Photos

- "මගෙන් බෝවුණු මගේ තාත්තා මැරුණා. ඉහළ යන රෝගීන් වෙනුවෙන් දෙන්න උත්තරයක් අපි ළඟ නැහැ.." - COVID 19 නිසා ඉතාලිය මළමිනී දේශයක් වුණේ කොහොමද? කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
බොහෝ දෙනා කිව්වේ මේක සාමාන්‍ය උණක් විතරයි කියල..
නැහැ. ඒක සාමාන්‍ය උණක් නොවෙයි...
ඒක අපේ මිනිස්සු තේරුම් ගත්තේ බොහොම ප්‍රමාද වෙලයි...
 
මහජන ආරක්‍ෂක අංශයේ වාහනවල ගැට ගැසුණු යකඩ කඩවල්වලින් නැඟුණු හඬ දකුණු දිග ඉතාලියේ වාතලය පුරා පැතිර යන්නේ අසන්නන්ගේ හිත් තුළ දැඩි කම්පනයක් ඇති කරමිනි.
 
‘නිවෙස්වලම රැඳී ඉන්න. අත්‍යවශ්‍යයෙන්ම නිවෙස්වලම රැඳී ඉන්න. ආහාර පාන මිලදී ගැනීමට හෝ වෛද්‍යවරයා හමුවීමට පමණක් නිවෙසින් බැහැර වෙන්න’ යකඩ කටවල් දෝංකාර දෙයි!
 

කොරෝනා වයිරසය දැන් එය හිස එසවූ චීනයට වඩා දරුණු ලෙසින් ඉතාලියට පහරදී තිබේ. ජීවිතයේ අනියත බව පසක් කෙරෙමින් සංඛ්‍යා ඉහළ ගියේ ලෝකයේ හොඳම දෙවැනි සෞඛ්‍ය පද්ධතියට හිමිකම් කී රට මුළුමනින්ම අඩපණ කරමිනි.
 
මුළුමනින්ම අසරණ කරමිනි. මුළු රටම එකම අවදානම් කලාපයක් (Zona Rossa) පමණකි. එසේ වූයේ කාගේ වරදින්ද?
 
බොහෝ දෙනා පවසන්නේ එයට මූලික හේතුව වූයේ මෙය බරපතළ ලෙස නොගැනීම හා නොසැලකිල්ල බවය. හතළිස් එක් හැවිරිදි ගිආනි සැම්පිනෝ කියන්නේත් එබඳුම කතාන්දරයකි.
 
‘මේ වයිරසයෙන් බේරෙන්න ඕනෑ කියලා මං කිසි දෙයක් කළේ නැහැ. අවාසනාවකට වගේ ඒක මගේ ඇඟ ඇතුළටත් ආවා. ඒකේ අවසන් ප්‍රතිඵලය වුණේ මං මගේ පණටත් වඩා ආදරේ කළ පුද්ගලයා මට නැති වුණු එක විතරයි. මගෙන් වයිරසය බෝවුණු මගේ තාත්තා මැරුණා. බොහෝ දෙනා කිව්වේ මේක සාමාන්‍ය උණක් විතරයි කියලයි. නැහැ. ඒක සාමාන්‍ය උණක් නොවෙයි. ඒක අපේ මිනිස්සු තේරුම් ගත්තේ බොහොම ප්‍රමාද වෙලයි.’
 
පාලකයනට, දේශපාලනඥයන්ට පවා දැන් මේ ගැන දෙන්නට උත්තරයක් නොමැති තරම්ය.
 
‘අවාසනාවකට වගේ මේ සංඛ්‍යාවල පහළ යෑමක් දක්නට ලැබෙන්නේ නැහැ. දවසින් දවස ඉහළ යනවා විතරයි. දවසින් දවස ඉහළ යන රෝගී වෙනුවෙන් දෙන්නට උත්තරයක් අප ළඟත් නැහැ දැන්’ ඒ ලොම්බාර්දි පුරපතිගේ පසුතැවිල්ලය.
 
ලොව දෙවැනියාට හොඳම සෞඛ්‍ය පද්ධතියට හිමිකම් කී ඉතාලියේ රෝහල් කොරෝනා වයිරස් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. රෝගීන් හඳුනාගනු ලැබෙන්නේ දිනකට දහස් ගණනිනි.
 
එමෙන්ම සිය ගාණක් අවසන් ගමන් යන්නට පටන්ගෙන තිබේ. අවසන් වතාවට යැයි ඔවුන් දැක ගන්නට ඥාතියකුට, දරු මුනුබුරකුට ඉඩක් නොලැබේ. කොහි ගියේ දැයි කොහි භූමදානය කළේදැයි කියන්නට කිසිවකුත් නොදනී.
 
Sars, - CoV2 එනම් සාර්ස් වයිරසයේ දිගුවක් බව කිව හැකි නව කොරෝනා වයිරසය (Covid - 19) ඉතාලියටද පැමිණ ඇතැයි වාර්තා වූයේ ජනවාරි මාසයේ අන්තිම දවසේය. ඒ චීන ජාතිකයන් දෙදෙනකු රෝම නගරයේදී කොරෝනා වයිරස අසාදිතයන් දෙදෙනකු වශයෙන් හඳුනා ගැනීමත් සමඟය.
 
වූහාන් නගරයේ සංචාරයක යෙදුණු ඉතාලි ජාතිකයකු උණකින් රෝහල්ගත වන්නේද ඔහුට Covid - 19 ආසාදනය වී ඇති බවද තීන්දු වන්නේ ඉනුත් සතියකට පසුවය. පෙබරවාරි 21 වැනිදා වෙද්දී රෝගීන් සංඛ්‍යාව 16 ලෙස සටහන් වෙද්දී ඊට පසුවදා එය රෝගීන් 60කට ඉහළ නැග්ගේ පළමු කොරෝනා වයිරස මරණයද සමඟිනි.
 
එතැන් පටන් මාසයකුත් සති තුනක් ඇතුළත මේ වයිරසය ඉතාලිය වෙළා - බදා ගත් ආකාරය මේ පිළිබඳව නිරන්තරව මාධ්‍යයෙන් විපරම් කර බැලූ ඔබ - අපට රහසක් නොවේ.
 
ඉතාලියේ කොරෝනා වයිරසය පැතිරී යෑම ප්‍රදේශ පොකුරු වශයෙන්ද හඳුනා ගන්නට පුළුවන. ලොම්බාර්දි පළාත ආශි්‍රතව පැතිරීම (The Lombardy Outbreak) මේ අතර ප්‍රධාන හා තීරණාත්මක තැනක් ගනී. ලොම්බාර්දි පැතිරුම කරළියට ආයේ 38 හැවිරිදි ඉතාලි ජාතිකයකුට කොරෝනා වයිරසය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟය.

මේ සිදුවීම වාර්තා වූයේ ලෝඩි පළාතෙනි. වැලන්ටයින් දවසේ හැන්දෑවේ ඔහුට දැනුණේ අසාමාන්‍ය ලෙස ඇඟ කකියන බවකි. ඊට සහනයක් ලබනු පිණිස කස්ටිග්ලියෝනේ ඩා’ඩ්ඩා (cstiglione d’Adda) හි වෛද්‍යවරයකු මුණගැසුණු ඔහුට ලැබුණේ සෙම්ප්‍රතිශ්‍යාව හා සාමාන්‍ය උණට අදාළ ඔෟෂධ වර්ගය.
 
එහෙත් දහසය වැනිදා වන විට ඔහුගේ තත්ත්වය වඩාත් අයහපත් අතට හැරුණු බැවින් ඔහු Codogno රෝහලට පැමිණියේ හුස්ම ගැනීමට පවා අපහසු බව පවසමිනි. මූලිකව Covid - 19 සැකයක් ඔහු පිළිබඳව තීව්‍ර බැවින් අමතර ප්‍රතිකර්ම ලබා දෙන්නට ඔවුන් නොවෙහෙසුණා පමණක් නොව ඔහු රැඳී සිටි වාට්ටුවේ කාර්ය මණ්ඩලය මෙන්ම සෙසු රෝගීන්ද ඔහුට නිරාවරණය විය.
 
පෙබරවාරි 19 වැනිදා රෝගියාගේ බිරියද සැලකර සිටියේ චීනයේ චාරිකාවක් හමාර කළ ඉතාලි මිතුරකු මුණගැසෙන්නට ඔහු ගොස් තිබුණු බවය. කොරෝනා වයිරසය නොමැති (Negative) බවට තහවුරු කරනු ලැබූ මේ පුද්ගලයා චීනයේ සිට ඉතාලියට පැමිණ තිබුණේ ජනවාරි 21 වැනිදාය. අවාසනාවකට මෙන් ඊට දින කිහිපයකට පසුව මේ මිතුරාත්, රෝගියාගේ බිරියත් දෙදෙනාම කොරෝනා වයිරස ආසාදිතයන් බවට ඔප්පු වූයේ රෝහල් කාර්ය මණ්ඩලයද තක්කු මුක්කු කරමිනි.
 
ඊට දින තුනකට පසුව නියුමෝනියා රෝග ලක්‍ෂණ පිළිබඳ පැමිණිලි කළ තවත් රෝගීන් තුන්දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. මේ සිදුවීම් තුන පළමු යුරෝපීය බෝවීම් (ජර්මනියේ මියුනිච්) හා සම්බන්ධ විය හැකි බවට පසුව සැක පහළ විය.
 
මේ 38 හැවිරිදි රෝගියා නිරෝගී බවක් පෙන්වූ කාලය හා රෝගියකු ලෙස ගත කළ කාලය තුළ තවත් බොහෝ දෙනකුට රෝගය ලබා දෙන්නට ඇතැයි කල්පනා කෙරිණි. පෙබරවාරියේ 21 වැනිදා ලොම්බාර්දි ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ගණන 14 දක්වා ඉහළ ගොස් තිබුණු අතර 38 හැවිරිදි රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද ඊට ගොදුරු වී සිටියේය. එතැන් පටන් ඉලක්කම් ඉහළ යන්නට පටන් ගත්තේ මරණ වෙනුවෙන් වෙන්වූ තීරුවද ඉලක්කම්වලින් පුරවන්නට අමතක නොකරමිනි.
 
වෙනෙතෝ (Veneto) ප්‍රදේශය ආශි්‍රත පැතිරීමද එලෙසින්ම තීරණාත්මක ලෙසින් බලපෑ සිදුවීමකි. එය සලකනු ලබන්නේ දෙවැනි පොකුරු පැතිරුම වශයෙනි. පළමු පැතිරුමට දායකත්වය සැපයූ Codogno ප්‍රදේශයේ සංචාරය කළ ගොවියකු මේ දාමයේ මුල සිටිතැයි සැක පහළ කෙරේ. අසනීප බවක් පළ කළ හෙයින් ඔහු පරීක්‍ෂාවට ලක් කෙරුණු නමුත් පළමු පරීක්‍ෂණයේදී ඔප්පු වූයේ ඔහුට වයිරසය වැලඳී නැති බවය.
 
එහෙත් පෙබරවාරි 21 වැනිදා ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා වයිරස ආසාදිතයකු වශයෙන් තහවුරු වී තිබිණි. තවත් දවසක් ගතව යද්දී පළමු මරණයද ඒ ප්‍රදේශය ආශි්‍රතව වාර්තා වූ අතර ඔහු Vo නගරබද ප්‍රදේශයෙහි පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් විය.
 
මේ අතරවාරයේ තවත් කොරෝනා වයිරස ආසාදිතයන් කිහිප දෙනකුම හමුවූ බැවින් එහි නගරාධිපතිවරයා පවසා තිබුණේ, සියලු නගර වැසියන් කොරෝනා වයිරසය පරීක්‍ෂාවට මුහුණ දිය යුතු බවය. 3,300ක්වූ සමස්ත නගරවැසියන්ගෙන් 1.7%ක් කොරෝනා ආසාදනයට ලක්ව සිටින බව ඉන් තහවුරු විය.
 
අනෙක් පළාත්වලද පැතිරීම් සිදුව තිබුණේ මේ ආකාරයෙන් පොකුරු වශයෙනි. ෆ්ලොරන්ස්හි පළමු සිදුවීම පෙබරවාරි 25 වැනිදා වාර්තා වූ අතර එහි මුල සිටියේ පිලිපීනයේ හා සිංගප්පූරුවේ සංචාරයක් සිදුකළ ව්‍යවසායකයෙකි. Rimini ප්‍රදේශයේ පළමු ආසාදිතයා වූයේ රොමේනියා සංචාරයකින් පසු එරට පැමිණි 71 හැවිරිදි තැනැත්තෙකි. ඔහු ආශ්‍රය කළ කිහිපදෙනකුද ඊට දින කිහිපයකට පසු ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනුණු අතර එතැනින් තවත් දවසක ඇරැඹුම සටහන් විය. Naples ප්‍රදේශයේ පළමු ආසාදිතයා වූයේ නාවුකයෙකි.
 
ඉතාලිය ලොව දෙවැනි හොඳම සෞඛ්‍ය පද්ධතියක් හිමි රටක් වශයෙන් මෙය කළමනාකරණය කරගන්නට කටයුතු කළේ කවර ආකාරයෙන්දැයි විමසීමද වැදගත්ය. Covid - 19 ජන ආරක්‍ෂණ මෙහෙයුමේ ප්‍රධානියා වශයෙන් Angelo Borelli පත්කැරුණේ ජනවාරි 31 වැනිදාය. පෙබරවාරි 22 වැනිදා වන විට දකුණු දිග ඉතාලියේ ප්‍රදේශ 11ක පුද්ගලයන් 50,000කට අධික සංඛ්‍යාවකට නිරෝධායනයෙහි යෙදෙන ලෙස උපදෙස් දී තිබිණි. එහෙත් මෙය කෙතරම් බරපතළ ලෙස පැතිරී ගියේද යත් මාර්තු නව වැනිදා වන විට නිරෝධායනයට ලක්කළ පිරිස මිලියන හැටකට අධික විය.
 
මේ ලියුම සපයන්නට පැය කිහිපයකට පෙර දත්ත සටහන් අනුව 63,928ක ආසාදිතයන් ඉතාලියෙන් හඳුනාගෙන තිබුණු අතර 6,078 දෙනකු මියගොස් තිබිණි. චීනය පවා අභිභවා ගිය මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වූයේ ඇයි? අල්-ජසීරා Inside Story හා අදහස් දැක්වූ මිලාන් නගරයේ Sacco රෝහලේ බෝවන රෝග අංශ ප්‍රධානි Massimo galli සඳහන් කළේ අසාධ්‍ය රෝගීන් කෙරේ පමණක් වැඩි අවධානය යොමුකර පැතිරී යෑම කෙරේ අවධානය යොමු නොකිරීම නිසා මේ විපත සිදුවූ බවය. මාර්තු 15 වැනිදා වන විට ඔවුන් සිදුකර තිබුණු පරීක්‍ෂණ ප්‍රමාණය 1,25,000ක් පමණ වූ බව සඳහන්ය.
 
ඒ ඉතා අවදානම් සහගත රෝග ලක්‍ෂණ පෙන්වූන්ගේ පරීක්‍ෂණය. ඊට සංසන්දනාත්මකව දකුණු කොරියාව ආදේශ කර බැලුවහොත් ඔවුන් ඒ වන විට කොරෝනා වයිරසයට අදාළ පරීක්‍ෂණ 3,40,000ක් පමණ සිදුකර තිබිණි. රෝග ලක්‍ෂණ මඳ වශයෙන් පෙන්වූවන් මෙන්ම රෝගයට ගොදුරු වූවන් හා ආශ්‍රය සබඳතා පැවැත්වූ නිරෝගී පුද්ගලයන් පවා ඔවුන් අතින් මෙසේ පරීක්‍ෂාවට පත්විය.
 
ඉතාලියේ මියගිය දහස් ගණනක පුද්ගලයන් අතරින් 85.6%ක ප්‍රමාණයක් වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් වීම විශේෂයකි. ඒ පිළිබඳව මිලානෝ නගරයේ බෝවන රෝග සම්බන්ධ සෞඛ්‍යාංශ ප්‍රධානියා සිදුකර ඇත්තේ මෙබඳු ප්‍රකාශයකි.
 
‘ජනගහනයෙන් 23%ක්ම අවුරුදු 65ට වැඩි අය. අපට සිටින බොහෝ වැඩිහිටියන් විවිධාකාර රෝගවලින් පෙළෙන අය. වෛද්‍ය උපකාරවල බලයෙන් ඔවුන් ජීවත් වුණේ. ඉතින් මෙබඳු පුද්ගලයන් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වුණා. මේ මියගිය පුද්ගලයන්ගෙන් 48%ක්ම නිදන්ගත රෝගවලින් පෙළුණු පුද්ගලයන්.'
 
ඊළඟ කාරණය අප කාටත් පොදුය. එය පවසන්නේ පීසා සරසවියෙහි වසංගත රෝගවේදියකු වන හා ස්වස්ථතාව පිළිබඳ මහාචාර්යවරයකුද වන Pierluigi Lopalcoය.
 
එක අතකින් සූදානම්ව නොසිටීම (Forever unprepared) මේ සා පැතිරී යන්නට හේතුවක්. අද අපි ඉතාලියේ ඉඳන් මේ දකින්නේ චීනයේදී දැක්ක ඒ බියකරු සිනමා පටයමයි. ඉතාලිය කියන්නේ හූබෙයි කියලා ගත්තොත් ලොම්බාර්දිය කියන්නේ වූහාන් පළාත. මේක අනෙක් රටවලටත් හොඳ පාඩමක්. අපි බයෙන් ඉන්නේ. මේ චිත්‍රපටයම තවත් රටවල් කීපයකින් දකින්න ලැබෙයිද කියලයි.
 
ඉතාලියට වැරදුණු අනෙක් තැන ලෙස සැලකෙන්නේ වයිරසයේ අලුත් රැල්ලක් ලොව පුරා හමා යනු ඇතැයි (New Ware) කිසිවිටෙකත් අපේක්‍ෂා නොකිරීමයි.
 
ඉතාලිය තවත් කලාප කිහිපයකටම එය ව්‍යාප්ත කරන්නටද දායක වූවා යැයි කීම ලංකවේ අපට අමුත්තක් නොවේ. තවමත් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රාර්ථනා වෙන්කරන අතරේම අප සමස්තයක් වශයෙන් අත්දකින්නේ නොසැලකිලිමත් ලෙස ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු හේතුවෙන් මේ නව රැල්ල, නව පැතිරයෑම හටගත් බවය.
 
එහෙත් ඉතාලියෙන් කොරෝනා වයිරසය පැතිර ගියේ ලංකාවට පමණක් නොවේ. මේ අවාසනාවන්ත ඉරණමට අප්‍රිකානු කලාපයේ ඇල්ජීරියා, මධ්‍යම අප්‍රිකාව, අයිවරි කෝස්ට්, මොරොක්කෝ, නයිජීරියාව, සෙනගල්, සී-ෂෙල්ස්, දකුණු අප්‍රිකාව හා ටියුනීසියාව ආදී රටවල් බැඳී ගියේ ඉතාලියේ සිට පැමිණියවුන් හරහා බව පැවැසෙයි.
 
ඇමෙරිකානු කලාපයේ ආර්ජන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, කැනඩාව, චිලී, කොලොම්බියාව, කියුබාව, ඩොමිනිකන් ජනරජය, ගෝතමාලාව, මෙක්සිකෝව, එක්සත් ජනපදය, උරුගුවේ හා වෙනිසියුලාවට මෙන්ම ආසියානු කලාපයේ ආර්මේනියාව, අසර්බයිජානය, බංග්ලාදේශය, ඉන්දියාව, ඊශ්‍රායලය, ජපානය, ජොර්දානය මැලේසියාව, මාලදිවයින, ඕමානය, පිලිපීනය, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වියට්නාමය ආදී රටවලද කොරෝනා වයිරසයේ පැතිරීම ගැන කියැවෙද්දී ඉතාලියේ නම අනිවාර්ය සඳහනක් වී තිබේ. යුරෝපීය රටවල දිගු නම් ලැයිස්තුවක්ද, ඕෂනියා කලාපයේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයද ඉතාලියේ සංක්‍රමණ/චාරිකා ඉතිහාසය හා සම්බන්ධ කොරෝනා සංසිද්ධීන්ට අඳී ගිය රටවල්ය.
 
මේ ලියැවිල්ල සිදුවන අවස්ථාව වන විට ඉතාලියේ පළාත් 21කින් හඳුනා ගන්නා ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව 63,928කි. මරණ සංඛ්‍යාව 6,078ක් ලෙසින් සඳහන් වෙයි. එය ප්‍රතිශතයක් වශයෙන් 9.5%කි. දැඩි සත්කාර තත්ත්වයෙහි පත්වන සංඛ්‍යාව 3,204ක් වන අතර සුව වූවන්ගේ ගණන 7,432ක් වෙයි. 2,75,468 දෙනකු මේ වන විට පරීක්‍ෂාවට ලක් කරන්නට ඔවුන් සමත්ව තිබේ. එයින් වයිරසය ඇති බවට තහවුරු වූවන් (positive) ගේ ප්‍රතිශතය 23.2%කි.
 
රෝගී ප්‍රතිශතය ස්ත්‍රී-පුරුෂ වශයෙන් බෙදා වෙන් කර බැලුවහොත් ආසාදිතයන්ගෙන් 57.9%ක් පිරිමි අයය. මියගිය පුද්ගලයන් අතරින් 70.2%ක් පිරිමි අයය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් 2525ක් අතරින් මියගොස් ඇත්තේ නව දෙනකු පමණය. වයස අවුරුදු තිහට අඩු කිසිවකු මියගොස් ඇතැයි තවමත් වාර්තා වී නැත. ඉතාලියේ ඇතැම් වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහස Stat වෙබ් අඩවියට එහි වෛද්‍ය උපාධි ශිෂ්‍යාවක වූ සෙරිඩාගේ අදහසින් ඒ හැටි වෙනස්වන්නක් නොවේ.
 
‘මේක පැතිරෙන්න ඉඩ දෙන්න එපා. මේ දේ අපි ජනවාරියේ පටන් ගත්තා නම් අද ඇමෙරිකාව මේ වගේ තත්ත්වයට පත්වෙලා ඉන්නෙ නැහැ’ එය ඇමෙරිකාවට පමණක් නොව අපටද කදිම පණිවුඩයකි. තවත් නම් පැතිරෙන්න ඉඩ දෙන්න එපා.' ඒ ඉතාලියේ ආයාචනයයි.
 
කෙසේ හෝ වේවා ජීවිතය පිළිබඳ අවසන් ගමන් පිළිබඳ දුක්ඛදායක පාඩමක් අත්විඳින්නට ඉතාලියට සිදුවී තිබේ. මළ සිරුරු ගොඩ ගැසී ගිය වනම ය. ඇතැම් විට දවස් ගණනක් තිස්සේ එසේ මළ සිරුරු ගොඩ ගැසී තිබෙන්නේ ආදාහනය හෝ භූමදානය කරන තැනක් සොයාගන්නා තෙක්ය. මිනී පෙට්ටියක් සියලු දෙනාට ලැබේ යැයි සහතික විය නොහැකිය. අවසන් දේව මෙහෙය හෝ ආශීර්වාද නැත. සමීපතමයන්ගේ සමුදීම් නැත. සැබැවින්ම එය මානව ඉතිහාසයේ දුක්ඛදායක කඩඉමක් ලෙස සලකුණු වනු නියතය.
 
පාලිත ජයකොඩි
මව්බිම

Coronavirus live updates: COVID-19 news, deaths, spread, symptoms ...Italy's dead overwhelm morgues as virus toll tops 8,000Coronavirus: UK live updates, 578 deaths and 11,658 cases reported ...World leaders meeting virtually to coordinate virus response ...Coronavirus pandemicCoronavirus Death Toll in Italy's Lombardy Rises by More Than 385 ...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top