Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
“කොරෝනා ප්‍රතිශක්තිය ඇඟේම හැදිල එන්න ඕනෑ” - කොරෝනා වෛරසයෙන් බේරෙන්න බලධාරියෙක් කරන හෙළිදරව්ව

- “කොරෝනා ප්‍රතිශක්තිය ඇඟේම හැදිල එන්න ඕනෑ” - කොරෝනා වෛරසයෙන් බේරෙන්න බලධාරියෙක් කරන හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,212 Views
කොරෝනා වෛරසයේ  පැතිරීම් පාලනය කිරීමට විවිධ රටවල් අනුගමනය කරන හා උත්සාහ කරන විවිධ ක්‍රමවේද පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය නෆ්තාලි බෙනට් කොරෝනා වෛරසය පාලනය කර ගැනීම පිළිබඳ තරමක වෙනස් අදහසක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබෙයි. 

විශේෂඥ දැනුමින් සපිරි ඊශ්‍රායලයේ මේ දැක්ම ද ඇතැම් විට කොරෝනා වෛරසය පාලනය සඳහා වැදගත් වනු ඇත. මාධ්‍ය අමතමින් ඔහු කොරෝනා වෛරසය පාලනය කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් මෙසේ පැහැදිලි කරයි.
 
"මම නෆ්තාලි බෙනට්. ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය. කොරෝනා වෛරසය පාලනය කර ගැනීමේලා ඉතාමත් වැදගත් දෙයක් පැහැදිලි කරන්නටයි මේ හදන්නේ. එය මහජනයා ඈත් කිරීම හෝ පිට පිට කෙරෙන පර්යේෂණවලට වඩා තරමක් වෙනස්.

මේ සියල්ලටම වඩා වැදගත්ම පියවර වන්නේ වයෝවෘද්ධ ප්‍රජාව තරුණ ප්‍රජාවෙන් අෑත් කර තැබීමයි. මෙහිදී සිදුවන බරපතළම අගතිය වන්නේ වයෝවෘද්ධ තැනැත්තන් හා දරුවන් අතර ඇතිවන බැඳීම, ආශ්‍රය. මිත්තණියක් තම මුනුපුරන් සිප වැලඳ ගැනීම. උදාහරණයක් වශයෙන් අප හොඳින්ම දන්නා දෙය තමයි මේ කොරෝනා වෛරසය වඩා මාරාන්තික වන්නේ වැඩිහිටි, වයෝවෘද්ධ ප්‍රජාවටයි. බොහෝ රටවල්වල මිය ගියේ මේ වයස් පරාසවල අයයි. තරුණ හා ළාබාල මරණ වාර්තා වන්නේ ඇතැම් රටවල 0% - 0%ක් අතරයි. ඒ වයස අවුරුදු 20ත් 30 අතර අයයි.

ඊට සාපේක්ෂව වයස 70-80 ඉක්මවූ අයට මෙය භයානක ලෙස බලපා තිබෙනවා. ඇතැම් රටවල වෛරසය වැලඳුණු මේ වයස් කාණ්ඩවල තැනැත්තන් පස් දෙනකුට හෝ හත් දෙනකුට අයෙක් මිය ගොස් තිබෙනවා.

අප මෙහිදී කළ යුත්තේ ඔවුන් වෙන්කොට රැක බලා ගැනීමයි. ඇතැම්විට ඔවුන් ගැන සොයා බලන්නට වට්ස්අප්, වයිබර් මේ ඔබ කැමැති ඕනෑම වර්ගයක සබඳතා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලු දේ සපයන්න. ඒත් ඔවුන්ගේ කුටියට, නිවෙසට ඇතුළු වන්නට එපා. ඔවුන් සිප වැලඳ ගන්නට එපා. ඒ හැම දෙයකින්ම සිදුවන්නේ ඔබ අතින් ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමයි.

අවසාන වශයෙන්, මිනිසුන් මගෙන් අහනවා ඉතින් හැමදාටම මෙහෙම ඔවුන් අෑත් කරලා තියා ගන්නද කියලා. පිළිතුර 'නැහැ' කියන එකයි. ඊළඟ මාස කිහිපයේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වන්නේ මෙන්න මේ දෙයයි. ඉතා වේගයෙන් මුළු ජනගහනයම, අපි කැමැති වුණත් අකැමැති වුණත් එහෙම නොවී ඉන්නට මහන්සි ගත්තත් නැතත් කොරෝනා වයිරසයට ගොදුරු වනවා. අඩුම තරමේ වැඩිමනත් බහුතරය එයට ගොදුරු වනවා. බාගවිට ඔවුන් දන්නෙත් නැති වෙන්න පුළුවනි. එය ශරීරයේ තියෙනවා කියලා. සති තුන, හතරක් මේ විදියට ඔවුන්ගේ ශරීරයේ ඔවුන්ට නොදැනීම වයිරසය රැඳෙන්නට පුළුවන්.

මේ සති තුන, හතර ගෙවී යද්දී වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ඔවුන්ගේ ශරීරයේම ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගන්නවා. 0.1%, 1%, 5%, 10% ආදී වශයෙන් මේ ප්‍රතිශක්තිය හටගෙන එය 60% - 70% අතර තත්ත්වයට ආ විට සමස්ත සමාජයම මීට මුහුණ දෙන්නට පුළුවන් ප්‍රතිශක්තියකින් යුතු එකක් බවට පත් වනවා. එතැනින් මේ වසංගතය අවසන්.

එයට මාසයක් ගතවන්නත් පුළුවනි. මාස කිහිපයක් ගතවන්නටත් පුළුවනි. එහෙත් ඔබේ මුත්තණුවන්, මිත්තණිය ඔය ආකාරයට රැකබලා ගන්නට ඔබට සිදු වනවා..."

පාලිත ජයකොඩි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,956 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,890 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,589 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  955 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top