ලොව පුරා රටවල් 198 කින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් හාරලක්ෂ 87,648 දෙනෙකු මේ වනවිට වාර්තා වී තිබෙනවා.
මරණ සංඛ්‍යාව ද 22,030ක් ලෙස වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, වෛරසය ආසාදනය වූ තවත් එක්ලක්ෂ 17,749 දෙනෙකු සුවය ලබා ඇති බව ද එම වාර්තාවල දැක්වුණා.
ලෝක කොරෝනා මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් මේ දක්වා වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 7503ක්.
දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.
එම සංඛ්‍යාව 4089ක් වන අතර, එය වෛරසය ආරම්භ වූ චීනයේ මරණ සංඛ්‍යාව වන 3287 ද අභිබවා ගොස් තිබෙනවා.
චීනයේ ආසාදිතයන් සංඛ්‍යාව 81,285ක් ලෙස වාර්තා වන අතර, ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වුව ද ඔවුන් සියලූදෙනා විදෙස් ගතව සිට වෛරසය ආසාදනය වී පැමිණි අය බව චීන මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට වෛරසය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්ව ඇති චීනය, රෝග විනිශ්චය සහ පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සෙසු රටවල් දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා.
එරට ජන ජිවිතය ද සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතින අතර, වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ හුබෙයි ගුවන්තොටුපල කටයුතු ද යළි ආරම්භ කිරීමට අද විෂබීජහරණය කළා.
අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයන් 694ක් වාර්තා වන අතර මරණ 14ක් ද සිදුව ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
ඇමරිකාවේද, ආසාදිතයන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සංඛ්‍යාව 68,581ක්.
එමෙන්ම, ඇමරිකාවෙන් කොරෝනා මරණ 1036 ක් වාර්තා වනවා.
මලයාසියාවේ රජු සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සහ රැජින ටුන්කු අසීසා අමීනා මයිමුනහ් ස්වයං නිරෝධායනයකට යොමු වී තිබෙනවා.
ඒ රජ මාලිගයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි.
මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට ලොව පුරා රටවල් රැසක් නිරෝධායන ක්‍රියාවලීන්ට යොමුවී ඇති පසුබිමක ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ මේ වනවිට නිවෙස් වල රැදී සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.