සාමාන්‍යයෙන් නිතරම ජනතාවගෙන් බැනුම් අසන නිලධාරීන් නම් ඒ පොලිස් නිලධාරීන්ය. කෙසේ වෙතත් අපට ඔවුන්ගේ සේවය කිසිදා ප්‍රතික්ෂේප කළ නොහැක. එම නිසාම ඔවුන් අපගේ මිතුරන් ලෙස ද හැදින්විය හැක. උදාහරණයක් ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවේ තිබෙන සෑම පොලිස් ස්ථානයකම " පොලිසිය නුඹේ මිත්‍රයා " යැයි සටහන් කර තිබේ.
අද අප පැවසීමට සූදානම් වන්නේ, නිතරම මහජනයාගෙන් බැනුම් අසන පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන සත් ක්‍රියාවන්ම සම්බන්ධයෙන්ය. මෙරට තුළ කොවිඩ් 19 ව්‍යාප්තවීමත් සමගම පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබිය. එම නිසා සාමාන්‍ය ජනයාට උදා වූයේ, සිය එදිනෙදා කටයුතු නිසි අයුරින් සිදු කරගැනීමට නොහැකි තත්ත්වයකි. එවැනි අවස්ථාවලදී ජනයාගේ සහයට පැමිණි පොලිසියේ මහත්වරුන් සම්බන්ධයෙනුයි මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ.
වත්තල, ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන Monica De Lanerolle ගේ නිවසේ ගෑස් ඉවරවී තිබුණි. එහිදී ඇය විසින් ඊට කුමක් කරන්නේ ද යන්න පොලිසියෙන් විමසා තිබු අතර වත්තල පොලිස් නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේ තිබු ගෑස් අලෙවි සැලකින් ඇයගේ නිවෙස වෙතම ගෑස් සිලින්ඩරයක් ගෙනැවිත්දී තිබේ. මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබුණාය.
එම සටහන පහතින්...
මේ අතරම තවත් ප්‍රදේශ කිහිපයක පොලිස් ඇදිරි නීතිය හේතුවෙන්, ආහාර පවා ලබා ගැනීමට නොහැකිව සිටින අසරණ ජනතාවට ආහාර බෙදාදීමේ වැඩපිළිවෙලක් ද ඔවුන් විසින් සංවිධානය කර තිබුණි.
එමෙන්ම, ආහාර සොයාගැනීමට අපහසුව අසරණවී සිටි සුනඛයින්ට ද ඔවුන් විසින් ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් ද සංවිධාන කර තිබීමත් විශේෂත්වයකි.