අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඇණවුම් කිරීමෙන් පසුව නිවසටම ගොස් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක් වැටලීමට පාරිභෝගිකඅධිකාරිය ඊයේ සමත් වුණා.
පසුව අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගමට සිදුවුණා.
මේ කතාව නම් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් .
නැතිබැරිවෙලාවේ මිනිසුන්ට කරකියාගන්න බැරි වෙලාවක ගහේ හැදෙන පොලොස් ගෙඩිය කඩාගෙන වාහනයක දමාගෙන නොමිලේ බෙදපු අපූරු මිනිසුන්ගේ ඡායාරූප පෙළක් අපට හමුවුණා.
කටුගස්තොට රාහුල විදුහල අසල 26.03.2020 එක් පුද්ගලයෙකු කැමරා කාචයට හසුවී ඇති අතර තවත් පෙදෙසක ඡායාරූප කිහිපයක්ද අප වෙත ලැබුණා.
මනුස්සකම හඳුනන මොවුන්ගේ ක්‍රියාව ගැන මුහුණු පොත හරහා බොහෝ පිරිස් ස්තූතියද පළකර තිබුණා.