කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය විය හැකි නව ආකාරයක් වෛරස අධ්‍යයන විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයෙක් සොයාගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරන මහාචාර්යවරයෙකු පවසන ආකාරයට, සුපිරි වෙළවෙළඳසැල්හි තිබෙන, එළවළු සහ පළතුරුවලද කොරෝනා ජීවත් විය හැකි බවයි.
නවතම පරීක්ෂණයකින් මෙය අනාවරණය කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
වෛරසය ජීවත් වීමට හැකි බවට පවතින පෘෂ්ඨ මෙන්ම සුපිරි වෙළඳසැල්හි තිබෙන එළවළු, පලතුරු මතද කොරෝනා වෛරසයට ජීවත්වීමට හැකියාව පවතින බව ද පර්යේෂණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටියා.
මේ හේතුවෙන්, සුපිරි වෙළඳසැල්හි එම පලතුරු සහ එළවළු මිලදී ගැනීමේදී පරිස්සම් විය යුතු බවත්, එම පලතුරු සහ එළවළු සබන් භාවිත කර සේදීමෙන් එම වෛරසය මැඩපැවැත්වීමට හැකියාව ඇති බවයි පර්යේෂණ වලින් පෙන්වාදී ඇත්තේ.