නිරෝධායනයට ලක්වූ තවත් 163 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීමට සූදානම් බව යුද හමුදාව පවසනවා.
මෙම පිරිස පොලොන්නරුව - කන්දකාඩු සහ මඩකලපුව - පූනානී නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිස් බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 46 ක පුද්ගලයින් 3,086 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක් කෙරෙනවා.