Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
COVID 19 ගත වූ පැය 24 තුළ ස්පාඤ්ඤයේ 656ක් බිලි ගනී - ලොව පුරා මරණ 20,000 ඉක්මවයි - කොරෝනා නිසා රුසියන් ජනපති පුටින් ගත්ත තීරණය - Photos

- COVID 19 ගත වූ පැය 24 තුළ ස්පාඤ්ඤයේ 656ක් බිලි ගනී - ලොව පුරා මරණ 20,000 ඉක්මවයි - කොරෝනා නිසා රුසියන් ජනපති පුටින් ගත්ත තීරණය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,845 Views
එක්ලක්ෂ 13,770 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබලා..
ඉරානයෙන් මරණ 143 ක්, නෙදර්ලන්තයේ මරණ 80 ක්..
ඉන්දියාව lockdown කිරීමත් සමඟ සිදු වූ දේ..
 
රටවල් 198 ක ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ලොව පුරා ආසාදිතයින් හාර ලක්ෂ 67,594 ක් වාර්තාවන අතර, ඉන් එක්ලක්ෂ 13,770 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වාර්තාවන්නේ.
 
පසුගිය පැය 24 තුළද ඉතාලියෙන් කොරෝනා මරණ 683 ක් වාර්තාවූ අතර, මේ වනවිට එහි සමස්ථ මරණ සංඛ්‍යාව 7,503 ක්. උතුරු ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එම තත්ත්වය දකුණු ඉතාලියට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

74,386 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
එමෙන්ම ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 656 ක් වාර්තාවී තිබෙනවා.
 
ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වනවිට වාර්තාවී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,467 ක්. එහි ආසාදිතයන් සංඛ්‍යාව 49,515 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
ප්‍රංශයේ පැය 24 ක් තුළ මරණ 231 ක් වාර්තාවන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25,600 ක්.
 
නව මරණ 155 ක් සමඟ ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 942 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 65,778 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
ඉරානයෙන් මරණ 143 ක්, නෙදර්ලන්තයේ මරණ 80 ක් සහ ජර්මනියේ මරණ 47 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවී තිබෙනවා.
 
නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට දැඩි සීමා කිරීම්වලට යටත්ව ජීවත් වනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බිලියන 1.3 ක ජනතාවක් වෙසෙන ඉන්දියාව වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
 
ඒ අනුව සමාජ සම්බන්ධතා සහ සංචරණයට අදාළව මෙම සීමා පනවා තිබෙනවා.
 
මේ අතර, තවත් ධුර කාල දෙකක් සඳහා සැකසූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව ලබන අප්‍රේල් 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමීමට පියවර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළා.
 
ඒ, එරට රාජ්‍ය රූපවාහිණිය ඔස්සේ ජනතාව අමතමින්.
 
පැතිර යන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
 
එමෙන්ම, වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ලබන සතිය නිවාඩු ලබාදීමටද කටයුතු කර තිබෙනවා.

Image result for coronavirus spanishImage result for coronavirus spanishImage result for coronavirus spanishImage result for coronavirus spanishImage result for coronavirus spanish
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,374 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  983 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,719 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,529 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,899 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,447 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,547 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top