ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවට ඇතිවන සමාජයීය ගැටළු විසඳාලීමට පොලිස් මූලස්ථානය දුරකථන අංක 3 ක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ ජනතාවට සිදුවන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම බිඳ වැටීම්, ඖෂධ අවශ්‍යතා සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමතුම් ලබාදෙන ලෙසටයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
119 / 0112 44 44 80 සහ 0112 44 44 81 යන දුරකථන අංකවලට මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව පොලීසිය සඳහන් කළා.