Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
"බඩී උඹට මං මැරෙන්න දෙන්නෙ නෑ, කොහොම හරි අල්ලන් ඉඳපන්.." - කොරෝනාවල නව පරීක්ෂණවලට මුහුණ දෙන්න කැමැත්ත පළ කළ, රණවිරුවෙකු සිය අත්දැකීම් ගැන කියූ සංවේදී කතාව - Photos

- "බඩී උඹට මං මැරෙන්න දෙන්නෙ නෑ, කොහොම හරි අල්ලන් ඉඳපන්.." - කොරෝනාවල නව පරීක්ෂණවලට මුහුණ දෙන්න කැමැත්ත පළ කළ, රණවිරුවෙකු සිය අත්දැකීම් ගැන කියූ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70,658 Views
සපොට් එකට එනකම් මං කොහොම හරි අල්ලන් ඉන්නව..
වතුර උගුරක්වත් නැතිව මහ කැලේ දුක් විඳින හැටි..
අවසන් හුස්ම පෙද වෙන්නැති කියලා මං ඇස් පියාගත්තා..
"කොරෝනා ලංකාවට ඇවිල්ලා.."
"අන්න ලංකාවෙන් කොරෝනා ආසාදිතයෙක් හම්බෙලාලූ.."
"දෙයියනේ අපේ රටට මොකද වෙන්නේ.."
 
ලංකාවට දැන් "කොරෝනා" ආගන්තුකයෙක්ම නෙවේ. ආගන්තුකයෙකු විදිහට අපිට හුඟක් ඈතින් හිටපු "කොරෝනා" ලංකාවට ඒවී කියලා කවුරුත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..

ඒත්... ඒ දේවල් මහ ඉක්මනින් සිද්ධ වුණා. අද වෙද්දි ලංකාවෙන් හමුවුණු ආසාදිතයින් ගණන 100 ඉක්මවා ගිහින්.
 
මේ හැමදෙයක්ම මැද රටටම ඇඳිරිය වැටුණා. ඒ ඇඳිරිය ඇතුළෙන් ජීවිත කැප කරන රණවිරුන් මේ උවදුරෙන් අපේ මව්බිම බේරගන්න දිවාරෑ නොබලා සටන් කරනවා. එදා යුද භීතිය තුරන් කරන්න සටන් වැදුණා හා සමානව අද ඔවුන් මේ උවදුර ඉදිරියේ හිටගෙන මහා කාර්ය භාරයක් සිද්ධ කරනවා.
 
ඉතින්... මීට අවුරුදු ගණනකට කලින් රණබිමේ යුදවැදී සිය දෙපා අහිමි වුණු රණවිරුවෙකු මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.
 
ඒ......... "කොරෝනා වල බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ සදහා කෙනෙකු අවශ්‍ය නම් මා ඒ සදහා ඉතා කැමැත්තෙන් ඉදිරිපත්වෙමි. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අවසන් හුස්ම ටිකද දන් දීමට සූදානම්.. වයිරසය ශරීර ගත කර හෝ මා ඊට මූන දීමට සූදානම්.. බයිල නෙමෙයි.. අදාල අයගේ නෙත ගැටෙන තුරු ශෙයාර් කරන්න..." ලෙසයි.
 
ඔහුගේ මුහුණූ පොතට එබෙද්දි, තවත් එක සංවේදී කතාවක් අපිට හම්බුණා. එදා යුද පිටියේ ඔහුගේ කතාවයි ඒ.. ඉතින්... ඒ කතාව තමයි මේ...........
 
ඔරලෝසුවෙ එලාම් එකේ සද්දෙට මට ඇහරුනත් නැගිටින්න කම්මැලි කමට පොරවනයෙන්මූන වසා ගත්තේ තව ටිකක් නිදාගන්න තිබුනානම් කියන බලාපොරොතුවෙනි.. එහෙත් මාගේ දින දහයේ නිවාඩුව මටත් නොදෑනීම ගෙවී ගොස් හමාරය.. ආයෙත් හෙට සිට නිදහසේ නිදාගන්නවා තියා ජීවිතේ ගැනවත් විස්වාසයක් නොමැත.. අම්මා මටත් කලින් අවදිව කුස්සියට වී කේතලය ලිපේ තබා වතුර නටන තෙක් ඒ දෙස බලා කදුලු සලන්නීය.. ලිපේ තියෙන ගින්දරට වඩා ගින්දරක් අම්මාගේ හිතේ පත්තු වෙන බව මා දන්නීය.. අල්ලපු ගෙදර සුපුන් මල්ලී සීල් කරපු පෙට්ටියෙන් ගෙදර ආදා සිට අම්මා ඉන්නේද මං ගැන කිව නොහැකි බියකිනි..
 
ඊයේ රෑ බත් පන්ගුව බෙදාගෙන මගේ ලගින් වාඩිවූ අම්මා දෑසේ කදුලු පුරවන් මට මෙසේ කීවේය " මගේ රත්තරං ලොකු පුතේ උබට පිං අයිතිවෙන්න දැන් ගෙදර උන් තුන් වේලම බඩ පිරෙන්න කනව.. ඒත් මගේ රත්තරනේ මගේ උගුරෙන් පහලට බත් කට යන්නෙ නෑ උබ මතක් වෙද්දි.. තාත්ත උනත් පාර දිහා බලන් හූල්ල හූල්ල ඉන්නෙ උබෙන් ලියුම් කඩදාසි කෑල්ලක් එනකම්..
 
අපි කොහොම හරි එකතු කරල ගෙයි වහලත් ගහ ගත්ත මගෙ පුතේ.. ලොකු මාමත් ලී දඩු ටිකක් තාත්තට දීල තිබුන.. අපි අද සතුටින් ඉන්නවනම් ඒ උබ නිසයි මගේ රත්තරනේ.. උබ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ" අම්මාගේ කදුලු කැටයක් බත් පතට වැටෙනවා දුටු මගේ ඇස් දකත් කදුලින් තෙත් විය. ඒ දුකට නොව සතුටටය.. අද මං නිසා මුලු පව්ලම සතුටි ඉන්නව දැකීම තරම් සතුටක් මට තවත් නැත...
 
ලොකු පුතේ කියා අම්මා කතා කරන හඩට මා ඇදෙන් නැගිට්ටේ ‍ය.. අම්මා වතුර වීදුරුව අත තබා තේ කෝප්ප්‍ය මේසය උඩින් තැබුවාය.. පුතේ උබ කන්න ආස නිසා කරවල තෙල් දාල පොල් සම්බෝල හැදුව මූන සෝදන් ඇවිත් කන්න.. කෑම්ප් එකට යනකන් හරි හැටි කෑමක් වැටෙන්නෙ නෑනේ.. අම්මා කීවේය..
 
එහෙත් අම්මා දන්නවානම් කෑම්ප් එකට ගියාම කන්න තියා වතුර උගුරක්වත් නැතිව මහ කැලේ දුක් විදින හැටි..
 
මා ඇදුම් අදින දෙස ලොකු මල්ලී බලා සිටියේ කදුලු පුරවාගෙනය. මං කිසිත් නොදැක්කා වාගේ ඔහුට අඩගසා මා අසලින් වාඩිකරගත්තාය.. ඔහුගේ ඔලුව අතගාන විට ඔහු ඉකිගසා හැඩුවේය.. ඔහු උසස් පෙල ලියා ප්‍රතිඵල එනතුරු ගෙදරට වී සිටියි.. අප දෙදෙනා එක්වී තේරෙන කාලේ සිට පව්ල වෙනුවෙන් දරදිය ඇද්දේය.. අම්මා තම්බන ආප්ප ඉදිආප්ප කඩේට අරන් යන්නේ අප දෙදෙනාය. පාසැල ඇරී ගෙදර ආ විගස කොහු ලණු ඇඹරුවෙත් අම්මා සමග අප දෙදෙනාය.. අද ඔහු නිදහසේ ඉනෙන ගනී..මට හැකි සෑම දේම මල්ලිලා තිදෙනාටත් නංගිටත් මම ලබා දෙමි.. ඔවුන්ගේ සතුට මගේ සතුට කරන් ජීවත් වීම මට සතුටකි..
 
මම යන්න හදන විට පව්ලේ සියලු දෙනාම ඉකිගසා හඩමින් මාව බදාගත්තාය. තාත්තා ස්තෝපුවට වී මා දෙස දුක් මුසු මුහුනින් බලා සිටියේය. මා අම්මට තාත්තටත් දණ ගසා වදින විට මගේ දෑසත් තෙත් උනේ මටත් නොදෑනීමය.. මල්ලිලාද නංගීද මට වදිදී. ඔවුන්ගේ හිස අතගාද්දී මට දැනුනේ තත්තා කෙනෙකුගේ හැගීමකි..
 
මාගේ බෑගය කරේ දමා ගත් ලොකු මල්ලී මාත් සමග හංදියට එන්නට පිටත් වෙද්දී තාත්තාද ඒ පසුපසින් වැටුනේය.. මා නොපෙනී යන තුරා ගෙදර සියලු දෙනා බලා සිටියේ කදුලු පිරි දෑසිනි.. බසය එනතුරුම ලොකු මල්ලීද තාත්තාද මා සමගම රැදී සිටියේය. පසුම්බිය හැර එයින් දහසේ නෝට්ටු දෙකක් ගෙන තාත්තා අතද මල්ලි අතද තබා මා කොලඹ බසයට ගොඩ විය.
 
කොළබින් අනුරාධපුරයට යන බසයට නැග පසුපස ආසනේ හිදගත්තෙය.. හදුනන කිසිවකු නොසිටි නිසා මට තනිකමක් හා පාලුවක් තදින් දැනිනි. ඊයේ හවස දිනේෂා කිව් යම් දෙයකින් මගේ හිත තදින්ම පෑරුනේය.. ඇය මට ආදරේ බව මට පැවසූවත් මම හමුදා කාරයෙකු නිසාත් මා කුමන මොහොතක හෝ මිය යාවී යන සිතිවිල්ල නිසාත් ඇයගේ දෙමව්පියන් මට තදින්ම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.. ඇය මට ඒ දේ කීවේ පංසලේ බුදු පිලිමය දෙස බලාගෙනය.. අවසානයේ ඇය මගේ නලල සිබ මට පැවසුවේ.. මැරෙනකම් මං ඔයාගෙ විතරමය. කියාය.. මගේ දෙපා වැද ඇය සමුගනිද්දී මට ඇය ගැන දැනුනේ අනුකම්පාවකි.
 
අනුරාධපුරයට බසය පැමිනෙන විට හවස් වී තිබිනි. අනුරාධපුරයේදී මාගේ මිතුරන් කිහිප දෙනෙකු මට හමු විය එය මට මහත් අස්වැසිල්ලක් විය. අප එකතු වී නව නගරයේ තිබූ චින්තන හෝටලයට ගොඩවූයේ මොනවා හරි අවසන් වරට සිවිල් කඩයකින් සප්පායම් වීමටයි.. නැවත් අපට උණු බත් කෑමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.. කල්තබා ගන්නා ආහාර පැකට් එකක රස බලනව ඇරෙන්න අපට වෙන විකල්ප නොමැත. කඩෙන් පිටවී වව්නියාව බසයට නැග ගත් අපි කදවුර බලා පිටත් වීමි.
 
අද වවිනියා කදවුරට වාර්තා කරන අපි හෙට පාන්දරම ජයසිකුරු මෙහෙයුම පවතින පෙරියමඩු ප්‍රදේශයට කැදවන් යති. කදවුරේ ගේට්ටුව දකිද්දී හිතට දුකක් දැනුනේ ගෙදරට වී සතුටින් හිටි කාලය මතක් වීය. හෙට සිට මුහුන දීමට සිදුවනුයේ සතුරාගේ වෙඩි පහරටය.. යුද්ද කරන්නට සෙබලා බිය වන්නේ නැත.. යුද පිටියේදී සෙබලාට ඔහුගේ ජීවිතයද අමතක වේ. ඔහුට අවැසි වන්නෙ කෙසේ හෝ මව්බිම සතුරාගෙන් මුදාගැනීම පමනි.. මාද හෙට සිට ඒ ක්‍රියාවට මුහුන දියයුතු වේ..
 
ඒ 9 මාර්ගය අල්ලා ගැනීමේ අරමුණින් දියත්කල ජයසිකුරු මෙහෙයුම අති සාර්ථක ලෙස පුලියමන්කුලම නගරයට ආසන්න වෙමින් සිටී.. ත්‍රස්ථවාදීන් දිගින් දිගටම කාලතුවක්කු හා මෝටාර් උපයෝගී කරගනිමින් දැවැන්ත ප්‍රහාර හමුදාව දෙසට එල්ල කරයි. පුලියන්කුලම නගරය හරස් කොට බැදි පස් බැම්ම අත්පත් කර ගැනීම සදහා බලඇණි හතරකින් සමන් විත සෙබලුන් දිවි නොතකා මුහුනට මුනලා සටනේය.. හරි හම කෑමක් බීමක් පවා නොමැතිව මරු හා මේ සටනේ නිරත වන්නේ උපන් දේශය රැකගැනීමට මිස රජ වීමට නොවේ.. ලැබෙන වතුර ලීටරේ බෝතලෙන් දවසේ පිපාසය නිවාගන්නා සොල්දාදුවා ඔහුට පැවරී ඇති රාජකාරිය අකුරටම ඉටු කරයි.. තමා ඉදිරියේ මැරී ඇද වැටෙනා තම සගයාද.. අත්පා කෑලි වී වේදනාවේ දගලන සහෝදර සොල්දාදුවාගෙ ඇස් දෙසද බලමින් තම ඇත ඇති ගිණි අවිය ක්‍රියාත්මක කරන්නේ.. කෙසේ හෝ තුවාල කරුවන් හෝ භූමියෙන් මුදා ගැනීමේ අරමිනිනි..
 
බඩී උබට මං මැරෙන්න දෙන්නෙ නෑ කොහොම හරි අල්ලන් ඉදපන්.. සපොට් එකට එනකම් මං කොහොම හරි අල්ලන් ඉන්නව. .ඒ වචනයේ විස්වාසයෙන් මිය අදින සොල්දාදුවාද මදකට හෝ අස්වැසිල්ලක් ලබන්නට ඇත..
 
මාද එවැනි අවසනාවන්ත ඉරනමකට මූන දුන්නේ එවැනි අවස්ථාවකය.. එදා මගේ සහෝදර ගුවන් භටයාගේ ජීවිතය අනතුරේය.. සලටන දරුණු වෙමින් පැවතියේය. ගුවනින් පැමිනි mi 24 හෙලිකොප්ටරය දැවැන්ත ප්‍රහාරයක් මීටර් 100ක් 200ක් ඇති සිටින සතුරාට එල්ල කරන අතර පාදයට වෙඩි වැදී සිටිමා මගේ සගයා සමග ආරක්ෂක වලල්ල දෙසට බඩගාමින් සිටියේය.
 
අනපේක්ෂිත මොහොතක අප දෙසට බර අවි ප්‍රහාරයක් එල්ල උනේ කිසිත් කරකියා ගැනීමටද ඉඩක් නොතබමිනි. මරනයේ සෙවනැලි ඉදිරියේ නොබිදුනු චිත්ත ශක්තිය කියා පෑවේ කෙසේ හෝ සතුරාට මුහුන දිය යුතු බවයි. එහෙත් අප වෙත එල්ල කෙරූ දැවැන්ත මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් මා හට ද දැඩිසේ හනි වි තිබිනි.. නිමේෂයකින් පෙරලා දැමූ කෙසෙල් ගසක් සේ මාද බිමට පතිත විය.. කරකියාගන්න දෙක් නැති වූ මා ඇස් දෙක පියා ගත්තේ මේ ජීවිතයේ මා ගන්නා අවසන් හුස්මබ්පොද කියා සිතාය..
 
මචං සිල්ව වැටිල ඉන්නව කියන හඩ මට ඇසින.. ඒ මගේ සහොදර ගුවන් භටයෙකි.. සිහියත් අසිහියත් අත සිටිමා මිතුරාට පැවසුවේ මට අවුලක් නෑ තානාන්තරාඅරච්චියව ගනිං කියාය.. ඒ වන විටද මගේ සුසුම්නාවට හා පෙනහලු වලට දරුණු අලබහානි සිදු වී තිබිනි..
 
මරණය මා අභියසය අම්ම තාත්ත සහෝදරයෝ ආදරය කල යාලුවො පව්ලෙ අය සියලු දෙනාම ක්ෂණකින් මගේ මතකයට නැගුනේය.. මට හැගුනේ මාමේ ජීවිතයයේ ගෙවන අවසන් මොහොත කියාය. මගෙ ඇස් දෙකට කදුලක් නැගුනේ දුකටද වේදනාවටද කියා මටවත් හැගුනේ නැත..
 
එම අවස්ථාවේ මගේ අණදෙන නිලදාරියා ක්‍රියාත්මක වී තිබිනි. මෙහෙයුමේ නිරතව සිටි බෙල් 212 හෙලිකොප්ටරය මා ඇතුලු තුවාල කරුවන් වව්නියාව කදවුර වෙත ගෙන ඒමට සූදානම්‍ ය.. හෙලිකොප්ටරයට නන්වනවනවාත් සමග මට සිහිය නැති විය !


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,370 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,682 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,527 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,442 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,546 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top