ඊයේ රෝගීන් 05 දෙනෙකු අලූතින් තහවුරු කරගෙන තිබුණා.
කොළඹ දිස්ත්‍රික්කය හැරුණු කොට දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වෛරසය ආසාදිත රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය පිරිමි පුද්ගලයන් වන අතර, එය සියයට 69 ක ප්‍රතිශතයක්.
වයස් මට්ටම් හා සැසඳීමේදී ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණය වයස 41 ත් 50 ත් අතර පුද්ගලයන්.
කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අදාළ රෝහලේ කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමට යොමුකර ඇති බවයි පානදුර පොලීසිය සඳහන් කළේ.