Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
එක් චීන ජාතික කාන්තාවකගෙන් ආරම්භ වී අපේ රට තුළ කොරෝනා ව්‍යාප්ත වූ හැටි මෙන්න - Video

- එක් චීන ජාතික කාන්තාවකගෙන් ආරම්භ වී අපේ රට තුළ කොරෝනා ව්‍යාප්ත වූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,179 Views
දිනපතා රෝගීන් එකින් එක වැඩිවූයේ කෙසේද?
 
මේ ඒ පිළිබදව කළ සොයා බැලීමක්.
 
පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදා චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් පළමු කොවිඩ් 19 වෛරස් ආසාදිතයා හමුවීමෙන් අනතුරුව ලොව පුරා විවිධ රටවල්වලින් දිනපතා කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වුණා.
 
ජනවාරි 19 වනදා මෙරට පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වූ අතර ඇය චීන ජාතික කාන්තාවක්.

ඉන්පසුව සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනෙකුටත් ජර්මනිය හා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.
 
මෙම තත්ත්වය පැහැදිලි කරගැනීමට මෙරට රෝග ව්‍යාප්තිය සිදුවූ ආකාර දැක්වෙන රූප සටහනක් වසංගත රෝග විද්‍යා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
 
ඊට අනුව මෙරට පළමු කොවිඩ් 19 ආසාදිතයා වන චීන කාන්තාව පුද්ලයින් 72 දෙනෙක් සමීපව ඇසුරු කර තිබෙනවා.
 
එමෙන්ම ‍දෙවන කොවිඩ් 19 ආසාදිතයා සංචාරක මඟපෙන්වන්නෙකු වන අතර ඔහුගෙන් තුන්වන පුද්ගලයා වන අනෙක් සංචාරක මඟවෙන්වන්නාට වෛරසය ආසාදනය වුණා.
 
මෙහි විශේෂත්වය නම් මාර්තු 10 වනදා වාර්තා වූ දෙවන වෛරස් ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් අතරන් මෙරට වාර්තා වූ 50 වන කොවිඩ් 19 ආසාදිතයා හමුවූ අතර ඔහු රෝගයට ගොදුරු වී ඇති බවට තහවුරු වූයේ දින 8 කින් පසුව එනම් මාර්තු 18 වනදායි.
 
හතරවන ආසාදිතයා ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙක් වන අතර 5,6,7,8,9,10 කොව්ඩ් 19 ආසාදිතයින් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.
 
වෛරසයේ ඇති බරපතල තත්ත්වය නම් තුන්වන ආසාදිතයා මගින් තවත් පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් 19 රෝගීන් බවට පත්කර තිබීමයි.
 
ඒ අනුව 11, 29, 42 වන රෝගීන් ඔහු ඇසුරුකල පුද්ගලයන් වනවා.
 
සිංගප්පූරුවේ සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණි 27 වන කොවිඩ් 19 ආසාදිතයා පුද්ගලයින් 262 දෙනෙකු සමීපව ඇසුරු කර තිබීමද විශේෂත්වයක්.
 
එමෙන්ම මෙරට වාර්තා වූ 51 වන රෝගියා මගින් 66 වන රෝගියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර එම රෝගියා පුද්ගලයින් 184  දෙනෙකු සමීපව ඇසුරු කර තිබෙනවා.
 
තවද මෙරටින් වාර්තා වූ 54 වන රෝගියා පුද්ගලයින් 18 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති අතර මෙම සටහනට අනුව වැඩිම පිරිසකට එනම්, ඔවුන්ගෙන් සිව් දෙනෙකු ආසාදිතයන් බවට පත්වී ඇත්තේ මෙම පුද්ගලයා ඇසුරු කිරීමෙනි.
 
ඒ අනුව මෙරටින් වාර්තා වූ 58,59,64 හා 65 වන රෝගීන් හට වෛරසය ආසාදනය වී ඇත්තේ මෙම පුද්ගලයා මගිනි.
 
මෙම සටහනට අනුව රෝග ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,502 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,044 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,559 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,632 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,595 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top