ස්වයං නිරෝධායනය යනු ඒ තරම් පහසු දෙයක් නොවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසනවා.
ඔහු මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනකය නිතරවන බවයි පසුගියදා සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙහි සටහන් කර තිබුණේ.
එංගලන්ත සංචාරයක නිරතවීමෙන් අනතුරුව කුමාර සංගක්කාර, වහාම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වෙලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත තම පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කළා.
''ඇත්තම කියනවා නම් මේක ලොකු කට්ටක්'' යනුවෙන් ස්වයං නිරෝධායනයක යෙදී සිටි සංගක්කාර පවසා ඇති බව සදහන්.
එමෙන්ම සංගක්කාර ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, සබන් හා සමාජ දුරස්ථභාවයෙන් දෑත් හොඳින් සේදීමෙන් සෞඛ්‍ය අංශය ලබා දෙන උපදෙස් පිළිපදින්න ලෙසයි.
කෙසේ වෙතත්, විදේශ ගතව මෙරට පැමිණි බොහෝ පිරිස් ස්වයං නිරෝධානයකට ඉතා කැමත්තෙන් එකගවී තිබුණා.