එක්දිනක් තුළ නව කොරෝනා මරණ 131ක් වාර්තා වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ආරක්ෂිත උපකරණ ප්‍රමාණය ඉක්මවා ගබඩා කිරීම වළක්වාලීමේ නියෝගයකට ජනපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 46,300 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 550කට අධිකයි.
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වන නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 21,000ක් පමණ වාර්තා වී තිබෙනවා.
නිව්යෝක් පුරවරයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 157ක්.
නිව්යෝක් නගරාධිපතිවරයා අනතුරු අගවා ඇත්තේ ප්‍රමාණවත් වෛද්‍ය සැපයුම් නොලැබුණහොත් එහි කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි.
ඊයේ දිනයේදී ද කොරෝනා මරණ 602ක් ඉතාලියෙන් වාර්තා වූ අතර, වෛද්‍ය සේවා ප්‍රතිකාර කටයුතු පවත්වා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඔවුන්ට සහය වීම සඳහා තිස් වසරක් ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මක වන කොමියුනිස්ට් කියුබාවෙන් වෛද්‍ය කණ්ඩායම් ඊයේ පැමිණි අතර, ඔවුන් ඉමහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
කියුබානු වෛද්‍ය කණ්ඩායම් යොදවනු ලබන්නේ ඉතාලියේ කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ ලොම්බාඩි ප්‍රදේශයටයි.