Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ - නිරෝධායනයට ලක්නොවුණු පිරිස ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් - Photos

- නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ - නිරෝධායනයට ලක්නොවුණු පිරිස ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,364 Views
මෙරටින් හමුවූ මුළු රෝගීන් සංඛ්‍යාව 96යි !
පුද්ගලයින් 3518 දෙනෙකු නිරෝධායනයට
119 දුරකථන අංකයට, සහ 0718 591 864 
 
මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.
 
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදනය වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 96 දක්වා ඉහළ යනු ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනවා.
 
ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත්. ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි ඔවුන් අද මෙලෙස මුදා හැරීමට නියමිතව ඇත්තේ.
 
නිරෝධායන මධ්‍යස්ථාන 45කදී පුද්ගලයින් 3518 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා.
 
ඔවුන්ගෙන් 31 දෙනෙකු පමණයි කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගනු ලැබුවේ.
 
කෙසේ වෙතත්, ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්නොවුණු කුඩා ළමයින් ඇතුළු 12 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.
 
ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 119 දුරකථන අංකයට, සහ 0718 591 864 ඇමතීමෙන් ද ලබා දීමේ හැකියාව පවතිනවා.
 
මීට අමතරව 0112 444 480 - 81 යන දුරකථන අංක ඇමතීමෙන් ද තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
 
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගියා වන 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා ඊයේ අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගියා.
 
ලොව පුරා රටවල කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරනවා.
 
ඒ අතර මුඛ ආවරණයක් පැළදීම විශේෂිතයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ මුඛ ආවරණයක් පැළදීම අත්‍යාවශ්‍ය නොවන කරුණක් බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,604 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top