හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිය මුහුණු පොතට මුදා හැර තිබූ කොරෝනා වෛරසයෙන් වැලකීමට ගත හැකි ඖෂධයක් සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්වනවා.
එම ඖෂධය කිසිදු හිගයකින් තොරව ලබාදෙන ලෙසටයි ඔහු ෆේස්බුක් වීඩියෝවක් ඔස්සේ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් විසින් කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට මෙම ඖෂධය ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ද ලබා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සදහන් වූයේ පසුගිය 20 වනදා රටපුරා ඇදිරිනීතිය පැනවූ අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබීම හේතුවෙන් පසුව, රජයට මුදල් වියදම් කිරීමට නෛතික බලයක් නොමැති බවට ප්‍රකාශයක් සිදු කර තිබූ බවයි.
එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සිය මුහුණුපොත හරහා මෙම තර්කයම ඉදිරිපත් කර තිබූ බව ද එම නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට 150 - 3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය පැවරී ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යාම සදහා මුදල් ප්‍රතිපාදන තිබේ ද නැද්ද යන්න මහජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
නව ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය ගත් උත්සාහය වැරදුණු පසු, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කර, දරුණු වසංගතයක් පවතින මොහොතක රට අකර්මන්‍ය කිරීමට ගන්නා උත්සාහය හෙලා දකින බවයි අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සදහන් කළේ.
මෙරට දරුණු වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව දෙක කොරෝනා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමේ තරගයක නියැලී සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.
මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ 24 - 3 වගන්තියට අනුව යම්කිසි අනපේක්ෂිත හෝ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමට බවයි.
ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල් දමා තිබෙන බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන් ව්‍යවස්ථාවේ වගන්ති යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස් නොවන බව ද අග්‍රමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූම පක්ෂ නායකයින් විශේෂ රැස්වීමක් සදහා කැදවා තිබෙනවා.
හෙට උදෑසන 10 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
VIDEO